විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

සෙල්ලම් ගුවන් යානා දෙකක් ඇණවුම් කළ පියාට වැරදීමක් නිසා සැබෑ ගුවන් යානා දෙකක් එවයි

සිය පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් ආකෘති ගුවන් යානා 02ක් මිලදී ගැනීමට ගිය සවුදි ජාතිකයෙකු ගණුදෙනුව වැරදි ඒ වෙනුවට එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමේ පුවතක් සවුදි අරාබියෙන් වාර්තා වෙයි. ගුවන් යානා සම්බන්ධයෙන් දැඩි රුචිකත්වයක් දක්වන සිය පුත්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් ගුවන් යානයක ආකෘතියක් තිලිණ කිරීමට සිතු මෙම සවුදි ජාතිකයා ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් යානා නිෂ්පාදන සමාගමට සිය අවශ්‍යතාවය පැහැදිලි කර තිබේ. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඇති අවම දැනුම හේතුවෙන් ඔහු අවසානයේදී ආකෘති ගුවන් යානයක් වෙනුවට සැබෑම එයාර් බස් A350-1000 වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ”…

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් තලේබාන් නායකයාගේ සොහොයුරෙකු මරුට

පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානයේ නායකයාගේ සහෝදරයෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලේබාන් නායක හබයතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා නැමැත්තෙකි. මීට අමතරව ප්‍රහාරයෙන් තලේබාන් නායක හබයතුල්ලාගේ පුත්‍රයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පිරිස තව දුරටත් ඉහළ යා හැකි බව පාකිස්ථාන පොලීසිය පවසයි. පාකිස්ථානයේ, කටා නගරයෙන් කිලෝමීටර් 25ක් නිරිත දිගින් පිහිටි දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය අය අතර දේවස්ථානය භාර…

ලෙබනන් ගිය පොඩිමැණිකේ ගැන දන්නවනම් කියන්න

ලෙබනනයේ , දාහියා ප්‍රදේශයේ රැකියාව සඳහා ගොස් සිටි ඒ.එම්.පොඩිමැණිකේ නැමැති කාන්තාව, එරට දී දැඩි ලෙස රෝගාතුර වී, බීරෑට් හි රෆීක් හරිරි රොහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇය පිළිබඳව කිසිදු තොරතුරක් ඇයගෙන් ලබා ගත නොහැකි වී ඇති බැවින් , ඇය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී. ටී.කේ.ජී. කපිල

පුටින් සෞදි එන්න සැරසෙයි

රුසියානු ජනාධිපති, ව්ලැඞ්මීර් පුටින් සෞදි අරාබියේ සංචාරය කිරීමට සූදානම් වන බව වාර්තාවේ. රුසියානු ජනාධිපතිවරයාගේ සෞදි සංචාරය ඔක්තෝබර් මාසයේ සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව සෞදි බලශක්ති අමාත්‍ය, කලීඩ් අල්-ෆලිහ් ප්‍රකාශ කළේ ය. නැගෙනහිර රුසියාවේ ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සෞදි බලශක්ති අමාත්‍යවරයා රුසියාවේ මොස්කව් නුවරට ගොස් ඇත.ජානක ප්‍රියදර්ශන ජයතිලක(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

බීබර් අතහැර Selena Gomez අවුරුදු 68 ක සිනමා තරුවක් විවාහ කරගන්න කතාව ඇත්තක්ද..? ඇයට මානසික රෝගයක්ද..?

ජනාප්‍රිය ගායිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින Selena Gomez 68 හැවිරිදි සිනමා තරුවක් සමග විවාහ වීමට සූදානම් වනබව විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කර තිබුණා.මේ පිළිබඳව Selena Gomez සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේද සටහනක්ද තබා තිබුණා.කෙසේ වෙතත් 68 වැනි වියේ පසුවන ‍හොලිවුඩ් නළු Bill Murray සමගින් ඇය පසුගියදා කෑන්ස් චිත්‍රපට උළෙලට සහභාගී වී තිබෙනවා.එහිදී Selena Gomez සහ Bill Murray එකට සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින්ද තිබෙනවා.ඇය තම ඉන්ස්ග්‍රෑම් ගිණුම ඔස්සේ තම පෙම්වතා පිළිබඳව සඳහන් කල පසු ඇය පිළිබඳව බොහෝ දෙනෙකු මත පලකර තිබුණා.ඒ පිළිබඳව මේවනවිට සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය දරන්නේ…

ගබ්සා නීති නිසා ඇමරිකාවේ විරෝධතා

රිපබ්ලිකන් පක්ෂය මඟින් පාලනය වන අමෙරිකාවේ ප්‍රාන්ත 8ක මෑතකදී හඳුන්වාදුන් නව ගබ්සා නීතියට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී ඇත.රිපබ්ලිකන් පාලනයේ පවතින ප්‍රාන්තවල ගබ්සාව නීතියෙන් තහනම් කිරීමට කටයුතු කෙරුණි. ගබ්සාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ පූර්ණ අයිතිය අදාළ තැනැත්තාට තිබිය යුතු බව මේ විරෝධතාකරුවෝ අවධාරණය කරති දශක ගණනාවක් පුරාවට ගබ්සාව සම්බන්ධයෙන් ලිහිල් නීතියක් අනුගමනය කිරීමට අමෙරිකාව කටයුතු කළේය. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සාවට දැඩි සේ විරෝධය පළ කරයි. ඔහුගේ නායකත්වය දරන රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයද ඒ මතයම සිටිති

ඇමරිකානු දේශපාලනය අපිව අවතක්සේරු කරණවා – හුවාවි නිර්මාතෘ කියයි

ඇමරිකාව තුළ හුවාවි සමාගමේ ව්‍යාපාරික කටයුතු නතර කිරීමටත් එම සමාගමට තහනමක් පැනවීමටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා ගනුලැබූ තීන්දුව මගින් සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිරකිරීමේ උත්සාහයක ඇමරිකාව නිරත වන බව හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පවසයි. ඇමෙරිකාව හුවාවි සමාගමට සම්බාධක පැනවීමෙන් පසුව හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඞ් ඇතුළු ගූගල් සේවා හා පහසුකම් සැපයීම නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කළේය. මෙය හුවාවි සමාගමට දැඩි තර්ජනයක් සිදුකිරීමට සමත්ව ඇති නමුත් රෙන් මහතා පවසා සිටියේ ඇමරිකානු දේශපාලනය තම ශක්තිය අවතක්සේරු කිරීමට උත්සාහ කර ඇති බවය. පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5ජී) හඳුන්වා…

භූතානයේ දොස්තර අගමැති

මහජන ඡන්දයෙන් ජයගෙන රටේ අගමැති වුවත් කලින් කරමින් සිටි රැකියාව අත් නොහළ අපූරු මිනිසෙකු වෙත පසුගිය සතියේ ලෝකයේම ජනමාධ්‍ය ඇස යොමුව තිබුණි. ඔහු භූතානයේ අගමැති ලොටේ ෂෙරිං (Lotey Tshering) ය. 1968 වසරේ සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙස උපන් ලොටේ වෘත්තියෙන් ශෛල්‍ය වෛද්‍යවරයකි. ඔහු මෞත‍්‍රවේදය පිළිබඳ වෛද්‍ය පුහුණුව සපුරාගෙන ඇත්තේ විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයෙනි. එය ඔහුගේ පශ්චාත් උපාධියයි. අවසානයේ ඔහු ආපසු භූතානයට එන්නේ එම පුහුණුව ලත් එරට ප‍්‍රථම ශල්‍යවෛද්‍යවරයා වශයෙනි. අද ඔහු රටේ අගමැතිවරයාය. එහෙත් සතිඅන්තය ඔහු ගතකරන්නේ අගමැතිවරයා ලෙස නොවේ. සෙනසුරාදා දවස ගතවෙන්නේ රජයේ රෝහලේය. ඔහු ලෙඩුන් බලයි. ඒ දවසේ ඔහු වාට්ටුවේ…

තායිලන්ත රජතුමා සිය ආරක්ෂක නිලධාරිනිය විවාහ කරගනියි

තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමා සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සුතිදා තිද්යායි සමග විවාහ වූ බව එරට රජ මාලිගය නිවේදනය කර තිබෙනවා. තායිලන්තයේ පක්ෂ දේශපාලනයට ඉහළින් ක්‍රියාත්මක වෙන තායිලන්ත රාජ්‍යත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරනලද ආයතනයක් වන අතර පාරම්පරිකව උරුම වූ පදවියකි. 66 වැනි වියෙහි පසුවන මෙම රජතුමා මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී දික්කසාද වූවෙක් වන අතර ඔහුට එම විවාහවලින් දැනටත් දරුවන් 7 දෙනෙකු සිටිනවා. කෙසේවෙතත් මෙම රාජකීය පදවියත් සමග තායිලන්ත රජ පවුලේ සාමාජිකාවකට උරුම වන සියලු තත්ත්වයන් හා වරප්‍රසාද ඇයටත් හිමිවන බවට වාර්තා වනවා. ඇයට දැනට බොහෝ කාලයක…