රන්කිරුල 4000 ට සහයෝගය දැක්වූ සැමට තුති – ජාතික ලොතරැයි මණ්ඩලය

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික සැමටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින හැකි වූ බව ජාතික ‌ලොතරැයි මණ්ඩලය පවසයි. රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා Toyota Rush SUV මෝටර් රථය, Toyota wigo මෝටර් රථය, බජාජ් ත්‍රීවීල් රථය, 125CC යතුරු පැදි ,කාන්තා යතුරුපැදි එදින ජයග්‍රහණ ‌ලෙස ලබා දී ඇති අතර විසි ලක්ෂපතියන් දෙදෙනෙක්, දස ලක්ෂපති ජයග්‍රාහකයින් 17 දෙනෙක්, ලක්ෂපති ජයග්‍රාහකයින් 22ක්, i…

ලොව වටිනා ම ස්වාභාවික පානය

ජීවිතය යව්වනයේ රඳවා තබන ලොව වටිනා ම ස්වාභාවික පානය. පොල් වතුර. අමෙරිකාවේ දී ලීටරයක් රුපියල් හත්සිය පනහකින් මෙහා මිලට ගත නො හැකි වටිනා පානයක, ලීටර් 6500000ක ප්‍රමාණයක් දිනපතා අප රටෙහි විසිකර දමනවා කීවොත් ඔබට විශ්වාස කළ හැකි ද? දවසකට පොල් ගෙඩියක්වත් නොබිඳෙන්නේ අප රටේ කොයි ගෙදරක ද?  ඉස්සර අත්තම්මලා පොල් ගෙඩියක් බිඳින ගමන් එහි වතුර ටිකත් බිව්වා. ඉන් සමහරෙක් දැනුත් සුවෙන් ජීවත්වෙනවා, කෘත්‍රිම රසායනික බීමවලට ඇබ්බැහිවුණු දරු මුණුබුරන් මිය ගියාට පස්සෙත්. එහි රහස නොයෙක් රටවල කෙරුණු පර්යේෂණ මගින් සොයාගෙන තියනවා.  ඒ පොල්වතුරවල අඩංගු සයිටොකයිනින් යව්වනය දිගු කිරීමටත්, වියපත්වන විට ඇතිවන…

සිංහල අවුරුද්දේ රටටම රබන් හඬ නංවන කූරගල මිනිස්සු

බක්මහ එළැඹෙන විට සිහියට නැ‍ෙඟන්නේ බාල වියයි. ඒ සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන ය. එකක් නම් රතට රතේ මල් පිපෙන එරබදු වැටියයි. ‍ෙම් කියන්නට යන එරබදු වැටිය තිබුණේ අපේ නිවසට මදක් එහායින් ඇති දෙවැටේ ය. එකල සැන්දෑවන විට මිනිසුන් දෙවැටෙන් යාමට බියය. ඒ ‍දවාලටත් මඳ අඳුරක් ඉසිලූ දෙවැටේ යම් යම් අය ඇතැයි ගෙතී තිබූ කතා නිසා ය. අනෙක නම් මිදුල ඉදිරිපස තිබූ ජෑම් ගසට පැමිණෙන කොවුලන් ය. මේ කොවුලන් අතර සුදු තිත් තිත් වැටුණු (පුල්ලි) කොහාලා ද සිටියේ ය. උන් හඬ නගන විට උන් අනුකරණය කරන්නට වීමු. “ඔය සතා රවටන්න එපා.”…

2019දී සංචාරක පැමිණීම් මිලියන 3ක් දක්වා වැඩි කිරීමේ සූදානමක්

සංචාරක පැමිණීම 2019 වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර අයවැයේදී සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී ඇති බවයි. එමෙන්ම, බස් හා දුම්රිය ස්ථාන සනීපාකරක්ෂාවට මෙහි මුදල් වෙන්කර ඇති බවත්, සංචාරක ඉදිකිරීම් සඳහාද ජනතාවට මුදල් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

Wagon R ගෙන්වීම නවත්වනවා – වාහන ආනයනකරුවෝ කියති

රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පවසා, ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. (27) පැවති ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය. මෙහිදී වාහන ආනයනකරුවන් වැඩිදුරටත් පවසන්නේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක්…

රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියලේ අගය අමෙරිකා ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය විය. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රුපියලේ අගය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරයි. මේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 179 . 78ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 175 .93ක් ලෙසත් සටහන් වේ.

2040 දී අභ්‍යවකාශයේ සිට එන 7G තාක්ෂණය ගැන ධම්මිකගෙන් අනාවැකියක්

සියලූම තාක්ෂණය සංවර්ධනය වන්නේ කාලයත් සමගින් බවත්, ඒ අනුව 6G තාක්ෂණය 2030 වසරේ දී පැමිණෙනු ඇති බවත්, 7G තාක්ෂණය 2040 වසරේ දී පැමිණෙනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. කෘතිම බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන ලද සමුළුවේ දී ධම්මික පෙරේරා මහතා මේ බව පැවසීය. “ජංගම දුරකතනය මුලින්ම 1G කියලා රැහැන් රහිත විදියට ආවේ 1980 දී, ඒක තමයි 1G. අවුරුදු 10කට පස්සේ තමයි 2G ආවේ, 1990. 2000 දී 3G ආවා. 2010 දී 4G ආවා.“ “එතකොට 2020/21 වෙනකොට 5G එනවා.“…

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන ඇඟලූම් කර්මාන්තයේ දිරිය කතුන්

ලෝක බැංකුව විසින් 2018 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය වන්නේ දකුණු ආසියාවයි. කෙසේ වුවද කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සාපේක්ෂව රැකියා අවස්ථාවන් වර්ධනය වී නොමැත. කලාපය පුරාම සමාජ හා සංස්කෘතික හේතු නිසා රැකියා යෝජිත අනුපාතය පහළ ගොස් ඇති අතර මේ අඩුවීම බොහෝදුරට සිදුවී ඇත්තේ කාන්තාවන් සම්බන්ධයෙනි. මෙතෙක් කර ඇති අධ්‍යයන වලට අනුව 2005 සිට 2015 දක්වා දශකය තුළ, කාන්තා රැුකියා නියුක්තය වාර්ෂිකව 1% කින් පහළ ගොස් තිබේ. අද ලෝක කාන්තා දිනයයි. මෙය අපට ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායට ලැබෙන කාන්තා දායකත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමට සහ…

කාන්තා දිනයේ සිංගප්පූරු ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සියලුම අය කාන්තාවන්

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. ඉතින් අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාන්තා කණ්ඩායමකින් සමන්විත ගුවන්යානයක් සිංගප්පූරුව බලා පියාසර කරවීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි මෙම ගුවන්යානයේ සිටින කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීම. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව මෙවැනි කාර්යමණ්ඩලයක් සහිත යානයක් ගුවන්ගත කළ පළමු අවස්ථාව මෙයයි. කොහොමවුණත් එම ගුවන් යානය “UL306” අද උදෑසන සාර්ථකව සිංගප්පූරුව වෙත ගොස් තිබෙනවා. RELATED ITEMS:FEATURED

2025 වන විට ඩොලර් බිලියන 8ක ඉලක්කයක්

මෙරට ආර්ථික අර්බුදයේ මූලික විසඳුම අපනයන ආදායම වර්ධනය කිරීමයි. ඒ පිළිබඳ ඇති අපේක්ෂා අතර ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛතම ස්ථානය ගනී. ඇඟලුම් අපනයන ඉලක්ක ජයගැනීම පිළිබඳව හා අභියෝග පිළිබඳව දිනමිණ ‘පවුර’ ට අදහස් දැක්වූ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගම් සම්මේලනයේ සභාපති ෂෙරාඩ් අමලින් මහතායි. මෙරට ඇඟලුම් කර්මාන්තයේ අපනයන ඉලක්කය වූ ඩොලර් බිලියන 5 ක් ඉක්මවීමට හැකිවීම රටක් වශයෙන් අපගේ ආඩම්බරයට හේතුවිය යුතු කරුණක්. 2025 වන විට මෙම ආදායම ඩොලර් බිලියන 08 බවට පත්කිරීමටයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා වන ලෝක වෙළෙඳපොළ අවශ්‍යතා හා ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ අපට හොඳ අවබෝධයක් තිබෙනවා. උදාහරණ විදිහට පසුගිය…