සජිත් කීව බෙහෙත ගැන ට්‍රම්ප්-මෝඩි කතාබහක

හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය පිළිබදව නැවතත් ලෝක මට්ටමේ කතාබහක් සහ අවධානයක් යොමුවී තිබේ.ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා ‌වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ‌‌කොරෝනා වයිරසයෙන් බරපතළ හානියට පත්ව සිටින සිය ර‌ටේ ජනතාවට ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීමක් කිරීමත් සමගය. මේ ඖෂධය පිළිබදව මීට පෙර අවස්‍ථා රැසකදීම සජිත් ප්‍රේමදාස මහතා මෙරට බලධාරීන්ගේ අවධානය යොමුකරනු ලැබූ නමුත් ඔහුට සමහරුන්ගෙන් එල්ල වූයේ සරදම් ය. කොරෝනා වලට තාමත් නිශ්චිතවම ඖෂධයක් හෝ එන්නතක් නොමැති අතර බොහෝ රටවල් මැලේරියාව සඳහා නිපදවූ chloroquine නමැති මේ ඖෂධය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටී. https://www.youtube.com/watch?v=R22xt9znXag එමගින්…

වෙන්වීමෙන් ඉතිරි වන්නේ විනාශය පමණි

ජාතීන් හොඳින් පරික්ෂාවට ලක් වනුයේ අර්බුද කාලවලදීය. මේ අපේ පෞද්ගලික අභිමතාර්ථ පරයා මනුස්සකම ඉස්මතු විය යුතු කාලයයි. සියලු භේද භින්න හා එකිනෙකා අතර වෙනස්කම් පසෙක තැබිය යුතු කාලයයි. මේ බුද්ධිමත්ව, තිර අදිටනින්, වෙහෙස නොතකා ශක්තියෙන් හා ධෛර්යයෙන් යුතුව සැවොම එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි. මේ සමස්ත ජනයා ජාතියක් සේ එක්සත් විය යුතු කාලයයි. මේ තනි තනි පුද්ගලයන් තනි ප්‍රජාවක් සේ එක්වන කාලයයි. මේ කණ්ඩායමක් සේ ඉදිරියට යන කාලයයි. වෙනත් වචනවලින් කිවහොත් කොවිඩ් 19 වෙන කවරදාකටත් වඩා සාමූහිකව කටයුතු කළ යුතු අර්බුදයක් නිර්මාණය කර ඇත.  මේ අවස්ථාවේ නොකළ යුතු අපරාධ !…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

සජිත් කුරුණෑගලින් ?

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ අද (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විශාල ජනතාවක් සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ බවත්, ඒ අනුව මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

රන්කිරුල 4000 ට සහයෝගය දැක්වූ සැමට තුති – ජාතික ලොතරැයි මණ්ඩලය

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික සැමටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින හැකි වූ බව ජාතික ‌ලොතරැයි මණ්ඩලය පවසයි. රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා Toyota Rush SUV මෝටර් රථය, Toyota wigo මෝටර් රථය, බජාජ් ත්‍රීවීල් රථය, 125CC යතුරු පැදි ,කාන්තා යතුරුපැදි එදින ජයග්‍රහණ ‌ලෙස ලබා දී ඇති අතර විසි ලක්ෂපතියන් දෙදෙනෙක්, දස ලක්ෂපති ජයග්‍රාහකයින් 17 දෙනෙක්, ලක්ෂපති ජයග්‍රාහකයින් 22ක්, i…

ඇමරිකානු දේශපාලනය අපිව අවතක්සේරු කරණවා – හුවාවි නිර්මාතෘ කියයි

ඇමරිකාව තුළ හුවාවි සමාගමේ ව්‍යාපාරික කටයුතු නතර කිරීමටත් එම සමාගමට තහනමක් පැනවීමටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා ගනුලැබූ තීන්දුව මගින් සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිරකිරීමේ උත්සාහයක ඇමරිකාව නිරත වන බව හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පවසයි. ඇමෙරිකාව හුවාවි සමාගමට සම්බාධක පැනවීමෙන් පසුව හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඞ් ඇතුළු ගූගල් සේවා හා පහසුකම් සැපයීම නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කළේය. මෙය හුවාවි සමාගමට දැඩි තර්ජනයක් සිදුකිරීමට සමත්ව ඇති නමුත් රෙන් මහතා පවසා සිටියේ ඇමරිකානු දේශපාලනය තම ශක්තිය අවතක්සේරු කිරීමට උත්සාහ කර ඇති බවය. පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5ජී) හඳුන්වා…

2019දී සංචාරක පැමිණීම් මිලියන 3ක් දක්වා වැඩි කිරීමේ සූදානමක්

සංචාරක පැමිණීම 2019 වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර අයවැයේදී සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී ඇති බවයි. එමෙන්ම, බස් හා දුම්රිය ස්ථාන සනීපාකරක්ෂාවට මෙහි මුදල් වෙන්කර ඇති බවත්, සංචාරක ඉදිකිරීම් සඳහාද ජනතාවට මුදල් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

Wagon R ගෙන්වීම නවත්වනවා – වාහන ආනයනකරුවෝ කියති

රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පවසා, ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. (27) පැවති ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය. මෙහිදී වාහන ආනයනකරුවන් වැඩිදුරටත් පවසන්නේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක්…

2040 දී අභ්‍යවකාශයේ සිට එන 7G තාක්ෂණය ගැන ධම්මිකගෙන් අනාවැකියක්

සියලූම තාක්ෂණය සංවර්ධනය වන්නේ කාලයත් සමගින් බවත්, ඒ අනුව 6G තාක්ෂණය 2030 වසරේ දී පැමිණෙනු ඇති බවත්, 7G තාක්ෂණය 2040 වසරේ දී පැමිණෙනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. කෘතිම බුද්ධිය භාවිතා කිරීම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමය සංවිධානය කරන ලද සමුළුවේ දී ධම්මික පෙරේරා මහතා මේ බව පැවසීය. “ජංගම දුරකතනය මුලින්ම 1G කියලා රැහැන් රහිත විදියට ආවේ 1980 දී, ඒක තමයි 1G. අවුරුදු 10කට පස්සේ තමයි 2G ආවේ, 1990. 2000 දී 3G ආවා. 2010 දී 4G ආවා.“ “එතකොට 2020/21 වෙනකොට 5G එනවා.“…

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන ඇඟලූම් කර්මාන්තයේ දිරිය කතුන්

ලෝක බැංකුව විසින් 2018 වසරේදී ප‍්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය වන්නේ දකුණු ආසියාවයි. කෙසේ වුවද කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සාපේක්ෂව රැකියා අවස්ථාවන් වර්ධනය වී නොමැත. කලාපය පුරාම සමාජ හා සංස්කෘතික හේතු නිසා රැකියා යෝජිත අනුපාතය පහළ ගොස් ඇති අතර මේ අඩුවීම බොහෝදුරට සිදුවී ඇත්තේ කාන්තාවන් සම්බන්ධයෙනි. මෙතෙක් කර ඇති අධ්‍යයන වලට අනුව 2005 සිට 2015 දක්වා දශකය තුළ, කාන්තා රැුකියා නියුක්තය වාර්ෂිකව 1% කින් පහළ ගොස් තිබේ. අද ලෝක කාන්තා දිනයයි. මෙය අපට ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකායට ලැබෙන කාන්තා දායකත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමට සහ…