විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

නිට්ටෑවා යනු හුදු කල්පිතයක් ලෙස සලකා බැහැර කළ නොහැක්කක්

සියවස් දෙකකට පසු නිට්ටෑවා යළිත් කරළියට පැමිණ තිබේ. ‍ලේඛනගත ප්‍රවාදයක් ලෙස පමණක්  අප දැන සිටි නිට්ටෑවාගේ වාසභූමිය නැගෙනහිර පළාතේ කුඩුම්බිගල ප්‍රදේශයේ බව රටට පතළ කතාවකි. එහෙත් පසුගිය දෙසතියේ පළවූ පුවත්පත් සහ විකාශනය වූ ප්‍රවෘත්ති වැඩසටහන් සලකා බැලීමේදී නිට්ටෑවා සමස්ත ලංකා මට්ටමෙන් සමාජගතව ඇත්දැයි යන සැකය පවා අපට ඇතිවේ. ඒ දිගාමඩුල්‍ලේ කුඩුම්බිගලින් මතු නොව වයඹ පළාතේ කුලියාපිටියෙන් සහ රජරට විල් බැඳි දනව්වෙන් පවා නිට්ටෑවන් දුටු බවට පුවත් පළවීමත් සමගය. රට සිව් කොණ නිට්ටෑවන් දර්ශනය වන බවට වූ පුවත් නිසා මානව විද්‍යාඥයන්ගේ පමණක් නොව හුදී ජනයාගේද මානව විද්‍යාත්මක කුතුහලය මෙන්ම නිට්ටෑවන් පිළිබඳ…