මගේ ජීවිතේ ලොකු දේවල් නෑ

සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියේ තරගකරුවන් තරු ලෙස හැඩ කරමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තම හැකියා හා දක්‍ෂතා ඔප්නංවා ගනිමින් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනු රූපලාවණ්‍ය ශිල්පියෙකි. ජනප්‍රිය රංගන ශිල්පිනියන්, මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන් මංගල දිනයේ සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. එනිසාම ඒ අලුත් පියවරෙන්ම අපත් කතාව අරඹන්න සිතුවා. “පසුගිය දා කොළඹ පිටකෝට්ටේ Chandimal Bridal And Beauty Salon නමින් මගේ නවතම රූපලාවණ්‍යාගාරය විවෘත කළා. ඊළඟ මාසේ එහි තවත් ශාඛාවක් මීගමුවේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේදී විවෘත…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

FB මිතුරියන්ට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා නම් ඒ වගේ ගැටලු අවම කරගන්න පුළුවන්. මම අනවශ්‍ය පුද්ගලයන්ව කවදාවත් මගේ මිතුරු ලැයිස්තුවට එකතු කරගන්නේ නැහැ. ඒ වගේම Chat කරමින් කාලය කා දමන පුරුද්දක් මට නැහැ. කාගෙන් හරි අනවශ්‍ය Message එකක් ආවොත් මම ඒ වෙලාවෙම එයාව Block කරනවා. ඒ නිසා මගේ මුහුණු‍පොතෙන් කවදාවත් මට ගැටලුවක් ඇතිවෙලා නැහැ.ඒත් ඉතින් අපේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ Facebook ගිණුම් හින්දා ඇතිවන ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්නය අපේ සහෝදර කලාකරුවන්, කලාකාරියන් බොහොමයක් දෙනාට තියෙනවා. ඒ…

මියා කලීෆා යුග දිවියට

නිල් චිත්‍රපට කර්මාන්තයේ ප්‍රසිද්ධියට පත් තරුවක් වන මියා කලීෆා පිළිබඳව මේ දිනවල කතාබහට ලක්ව තිබේ. ඒ ඇයගේ විවාහ ගිවිසගත් පුවතක් සමගිනි. රොබර්ට් ඇන්ඩ්බර්ග් සමග විවාහ වූ බව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ  හෙළි කර තිබිණි. රොබට් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර තිබුණේ, මියා කලීෆාට මෙම විවාහ යෝජනාව කළේ රාත්‍රී සාදයකදී බවයි. එය අතිශය සුන්දර මොහොතක් බව සඳහන් කරන ඔහු, කලිෆා ඒ මොහොතේ ඉමහත් පුදුමයට පත් වූ බවද සදහන් කර තිබෙනවා. ඇය තමාගේ යෝජනාවට එකඟ වූ බවයි ඔහු වැඩිදුරටත් එහිසඳහන් කර තිබුණේ. නිල් සිනමාව තුළ ජනප්‍රියත්වයට පත්…

මාව ලක්ෂ හතරකට විකුණලා

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment  දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත් ඒ වගේ අවස්ථාවන් උදාවුණොත් අදාළ කෙනාව මම වහාම Block කරලා දානවා. මම Facebook නිසා වැඩිපුරම අසීරුතාවට පත්වෙලා තියෙන්නේ මගේ නමින් පෙනී සිටින වෙනත් අය කරන කියන දේවල් හින්දයි. ඒ වගේ අවස්ථා අතර අදටත් මාව සසල කරන සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීම මතක් වෙද්දීත් මට දැනෙන්නේ පිළිකුළක්. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ.මෙන්න මේකයි ඒ සිදුවීම. එක දවසක් මම Facebook පරිහරණය…