මහත්මා ගාන්ධිගේ රන් ආලේපිත උපැස් යුවළ වෙන්දේසි කෙරේ

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි භාවිත කළ රන් ආලේපිත ගෝලාකාර උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී පවුම් දෙලක්ෂ හැට දහසකට වෙන්දේසි වී තිබේ.  මෙම උපැස් යුවළ ඊස්ට් බ්‍රිස්ටල් නමැති වෙන්දේසි සමාගමේ තැපැල් පෙට්ටියට කිසියම් පුද්ගලයෙකු දමා ගොස් තිබූ බව වාර්තා වේ. එම පුද්ගලයාගේ මාමා කෙනෙකු හට මහත්මා ගාන්ධි විසින් 1920 දශකයේදී මෙම උපැස් යුවළ පරිත්‍යාග කර ඇති බව සදහන් වේ.

මගේ ජීවිතේ ලොකු දේවල් නෑ

සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියේ තරගකරුවන් තරු ලෙස හැඩ කරමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තම හැකියා හා දක්‍ෂතා ඔප්නංවා ගනිමින් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනු රූපලාවණ්‍ය ශිල්පියෙකි. ජනප්‍රිය රංගන ශිල්පිනියන්, මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන් මංගල දිනයේ සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. එනිසාම ඒ අලුත් පියවරෙන්ම අපත් කතාව අරඹන්න සිතුවා. “පසුගිය දා කොළඹ පිටකෝට්ටේ Chandimal Bridal And Beauty Salon නමින් මගේ නවතම රූපලාවණ්‍යාගාරය විවෘත කළා. ඊළඟ මාසේ එහි තවත් ශාඛාවක් මීගමුවේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේදී විවෘත…

වෙන්දේසි වන පොලිස් නිල සුන­ඛ­යෝ

ගහට පොත්ත මෙන් ඇලී ජීවි­තය බෙදා ගත් දෙදෙ­නෙ­කුගේ වෙන්වීම සිදු­වන ඒ මොහොත අති­ශ­යින් හැඟු­ම්බ­රය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුන­ඛ­යාගේ ගෙල බැඳි කර පටියේ කෙළ­වර අල්ලා­ගෙන සිටින ස්වාමියා දෙනෙ­තට නැඟෙන කඳුළු කැට පිට­තට යා නොදී රඳවා ගන්නට දරන ආයා­සය ඔවුන් දෙදෙ­නාගේ බැඳීමේ තරම කදි­මට කියා­පායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදු­ව­න්නට යන බව ඉවෙන් මෙන් දැන­ගත් සුන­ඛයා ස්වාමි­යාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළි­බඳ කිසි­වක් නොදන්නා ඉල්ලු­ම්ක­රු­වන් මොනර කොළ ගණ­නින් ලංසු තබන්නේ සුන­ඛ­යාගේ හිමි­කා­ර­ත්වය දිනා ගැනී­ම­ටය. “ඈව­රයි, දෑව­රයි, තුන්…

පොහොට්ටුවට 3/2 දෙන්න රනිල් ගහන ගැටේ!

එක්සත් ජාතික පක්ෂයේ අවුල නිවී නිවී පත්තුවන්නා සේ ය. ‘කෘත්‍යාධිකාරිය’ සහ ‘හතරදෙනාගේ කමිටුව’ යන කිසිවකින් අවසන් තීන්දුවක් නොලද ‘ලකුණ පිළිබඳ ගැටලුව’ මේ වන විට ‘පඹ ගාලක්’ බවට පත්ව ඇත්තේ ය. කලින් සතිය අවසන් වන විට, ගැටුම තිබුණේ ‘අලියා ලකුණ’ සහ ‘හදවත ලකුණ’ අතර ගැටුමකි. එහෙත් මේ සතිය අවසන් වන්නේ ‘අලියා ලකුණ’ සහ ‘හංසයා ලකුණ’ අතර ගැටුමකිනි.‘‘හදවත ලකුණට ඔබතුමන්ලා බලාපොරොත්තු වන හාරත ලකුණ නං දෙන්න විදියක් නෑ… හදවත ලකුණ ඕනැ නං මනුස්ස හදවතක ලකුණක් තමයි දෙන්න වෙන්නෙ… ’’ යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පවසා තිබුණෙන්, මේ වන විටත් ‘හදවත’ ‘ගැටුම් චක්‍රයෙන්’…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

දින පහළවට ස්ත්‍රී දූෂණ 142ක් ළමා අපචාර 42ක්. වහාම ආණ්ඩුව අවදිවෙන්න. සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිදරවු කරයි

2020 වසරේ පළමු දවස් 15 ඇතුළත පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් පොලිසියට වාර්තා වී තිබෙන බවත් මේ තත්ත්වය බරපතල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ස්ථාවර නියෝග 27(2) යටතේ අද(19)පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසීය. ඔහු මෙසේද කීය. පසුගිය 07 වෙනි සිකුරාදා දින රජය විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද අන්දමට 2020 වසරේ පළමු දවස් 15 ඇතුළත පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් ශ්‍රී ලංකා පොලීසියට වාර්තා වි තිබෙනවා. එම පැමිණිලි අතරින්…

සජිත් කකුල්මාට්ටු කරුවන්ට ටොකු අනී

අලුතින් හදන සංධානයේ මහලේකම් රංජිත් කවුරුන් හෝ කරනතුරු කල් බලා සිටීමේ තේරුමක් නැති බවත් වහාම ආණ්ඩුවක් පිහිටුවීමටනම් ශක්තිමත්ව ගොඩනැගී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(3)එජපෙ ආසන සංවිධායකවරු කොළඹට කැඳවා කියා සිටියේය. එමෙන්ම ඔහු නව සන්ධානයේ මහලේකම් කවුද කියාද නම් කළේය. ඔහු රන්ජිත් මද්ධුමබණ්ඩාරය. ඔහු මෙසේද කීය.‘අපි දන්නවා පහුගිය දවස්වල එක එක විදිහේ මාධ්‍ය වාර්තා පලවුණා. සමහර වාර්තා අතේ පැලවෙන බේගල්.සමහර වාර්තා සම්පූර්ණයෙන්ම ප්ලාන්ට් කරපු නිර්මාණ . මේ කිසි දේකට මම උත්තර දෙන්න ගියේ නෑ. ඇත්තටම ඒවා කිසියම් කල්ලියක් තමන්ගෙ පරාජයේ විලි වසා ගන්න භාවිතා කරපු පහත් පෙළේ විහිළු.…

පාවා දෙන්නන්ගේ දේශපාලනය

හැම මැතිවරණයකම වාගේ මේ මැතිවරණයේදී ද එ.ජා.ප. ප්‍රතිවාදීන් විසින් ඔවුන්ට විදේශ කුමන්ත්‍රණ කරුවන්, රට පාවා දුන් අය ආදී ලෙස නාමකරණයන් කියමින් රට වටා යනු පෙනේ. එය සත්‍යක්ද ?  එලෙස ඔවුන් ඇත්තටම  රට පාවා දුන්නා ද අප සොයා බැලිය යුතුය. නැතහොත් ඇත්තටම ජාත්‍යන්තරය ඉදිරියේ රට පාවා දුන්නේ කවුරුන් දැයි දැන ගැනීම රටට හිතැති අපේ වගකීමයි.  ඒ වගේ ම යුද්ධය ජයග්‍රහණය කර රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රණවිරුවන්ව ජාත්‍යන්තරය ඉදිරියේ යුද අපරාධ කරුවන් කිරීමට ජාත්‍යන්තරයට ලයිසන් දුන්නේ කවු ද? ඉදින් අපි සොයා බලමු. රටම ප්‍රීතියෙන් ඇළලී ගියේය. 2009 මැයි 18 තිස් වසරක් පුරා…

කරූ නටන පදේ මොකක්ද?

රනිල් රැකපු පක්ශෙ සහ කිකිළි රැකපු බිත්තරේ එජාපයෙන් වෙන්ව රාජාලියා වෙත ගොස් නැවත එජාපය ට ආ ගාමිණි දිසානායක පැය විසි හතරෙන් එජාප මන්ත්‍රීවරුන් ගෙ කැමැත්ත දිනාගෙන රහස් චන්දයෙන් රනිල් පරාජය කළේය.ඊට ටික දිනකට පසු ගාමිණී ඇතුලු එජාප යෝධයන් රැසක් පක්ෂයට අහිමි විය.ගහක් නැති රටක තුත්තිරි ගහ මහා ගසක් යැයි කතාවක් තිබේ.එජාප නායකත්වය භාර වූයේ අඩු තරමේ තුත්තිරි ගසකට නොවේ,හුලන්තලා වැලකටය.ඒ හුලන්තලාව හතර අත වහඑලා ගනිද්දී බොහෝ ගැහැට මැද අලුත් ගස් කීපයක් හිස ඔසවා තිබේ.එහෙත් හුලංතලා වැල හිතන්නේ තිබෙන එකම ගසත්,එකම වැලත්,තමා කියාය.එජාපය සිංනක්කරේට ලියාගෙන රනිල් කරන්නෙ ඒ වැඩේය. අමාරු කාලේ…

අවි අතට ගෙන අවියෙන්ම මහ පාරේ මිය ගිය කළු අජිත්

දිනය ඉකුත් පස්වැනිදාය වේලාව රාත්‍රී හතයි තිහට පමණ ඇත. ජා ඇල, මහවත්ත ප්‍රදේශයේ වැසියන් සිය දවසේ රාජකාරී නිමවා අවසන් කරන්නට සුදානම් වෙමින් සිටියදී ඔවුන්ට ඇහුණේ රතිඤ්ඤා හඬක් වැනි පිපිරුමකි. කරමින් සිටි වැඩ පසෙක දැමූ ඔවුන් ඒ හඬ ඇසුණු දෙසට කන් යොමු කළේ හිතේ හටගත් සියුම් තැති ගැන්මත් සමගිනි. ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරුදින පුපුරා ගිය බෝම්බ නිසා කතෝලිකයන් බහුතරයක් සිටින ප්‍රදේශවල බොහෝ දෙනා තවමත් පසුවන්නේ නම් බියෙනි. එහෙයින් මේ ඇසුණු හඬ ඔවුන්ට යම් අනතුරක සංඥාවක් ගෙන දී තිබිණි. සියලු දෙනාම වහ වහා හඬ ඇසුණු දෙසට ගමන් කළහ. එහිදී ඔවුන්ට දැක ගැනීමට…