සජිත් කීව බෙහෙත ගැන ට්‍රම්ප්-මෝඩි කතාබහක

හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය පිළිබදව නැවතත් ලෝක මට්ටමේ කතාබහක් සහ අවධානයක් යොමුවී තිබේ.ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා ‌වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ‌‌කොරෝනා වයිරසයෙන් බරපතළ හානියට පත්ව සිටින සිය ර‌ටේ ජනතාවට ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීමක් කිරීමත් සමගය. මේ ඖෂධය පිළිබදව මීට පෙර අවස්‍ථා රැසකදීම සජිත් ප්‍රේමදාස මහතා මෙරට බලධාරීන්ගේ අවධානය යොමුකරනු ලැබූ නමුත් ඔහුට සමහරුන්ගෙන් එල්ල වූයේ සරදම් ය. කොරෝනා වලට තාමත් නිශ්චිතවම ඖෂධයක් හෝ එන්නතක් නොමැති අතර බොහෝ රටවල් මැලේරියාව සඳහා නිපදවූ chloroquine නමැති මේ ඖෂධය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටී. https://www.youtube.com/watch?v=R22xt9znXag එමගින්…

වෙන්වීමෙන් ඉතිරි වන්නේ විනාශය පමණි

ජාතීන් හොඳින් පරික්ෂාවට ලක් වනුයේ අර්බුද කාලවලදීය. මේ අපේ පෞද්ගලික අභිමතාර්ථ පරයා මනුස්සකම ඉස්මතු විය යුතු කාලයයි. සියලු භේද භින්න හා එකිනෙකා අතර වෙනස්කම් පසෙක තැබිය යුතු කාලයයි. මේ බුද්ධිමත්ව, තිර අදිටනින්, වෙහෙස නොතකා ශක්තියෙන් හා ධෛර්යයෙන් යුතුව සැවොම එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි. මේ සමස්ත ජනයා ජාතියක් සේ එක්සත් විය යුතු කාලයයි. මේ තනි තනි පුද්ගලයන් තනි ප්‍රජාවක් සේ එක්වන කාලයයි. මේ කණ්ඩායමක් සේ ඉදිරියට යන කාලයයි. වෙනත් වචනවලින් කිවහොත් කොවිඩ් 19 වෙන කවරදාකටත් වඩා සාමූහිකව කටයුතු කළ යුතු අර්බුදයක් නිර්මාණය කර ඇත.  මේ අවස්ථාවේ නොකළ යුතු අපරාධ !…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

සමස්ත ලංකා ජමියතුල් උලමලා ගේ අන්තවාදී කුහකම් නිසා වැළලෙන්නට යන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

පසුගිය දෙසතිය තුළ අප දුටු දෑ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කරන ලද මැරවරකම්වලට නොදෙවෙනි ක්‍රියා ය. වෛරය පැතිරවීම නිසාවෙන් අපි ඥානසාර හිමියන් සහ රතන හිමියන් ජාතිවාදීන් ලෙස හැඳුන්වන්නේ නම්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙහි රිස්වි සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේම ප්‍රජා සාමාජිකයන්ට එරෙහිව ද ඒ ආකාරයෙන් ම කටයුතු කරන ආකාරය විමසිය යුත්තේ කෙසේදැයි තේරුම් ගත යුතුය. මේ හැසිරීම සම්බන්ධ ව ඔවුන්ට අභියෝග කිරීමට කාලය එළැඹ තිබේ. පසුගිය සති කිහිපයේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (එම්එම්ඩීඒ) ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ව දැඩි කතාබහක් ඇති විය. මේ පෞරාණික පනත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා…

ඌරු වරිගේ වන්නියලැ ඇත්තන් 72වැනි උපන්දිනය සමරයි

දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් සිය 72 වැනි උපන්දිනය සමරයි. ඒ වෙනුවෙන් දඹාන මාරවගල ආරණ්‍ය සේනාසනයේදී සපිරිකර සංඝගත දක්ෂිනාවක් පවත්වා රුක්රෝපණ වැඩසහටනක් සිදු කර ඇත. රුක් රෝපණ වැඩසටහනේදි මී පැල 85 ක් සහ පළතුරු පැළ සිටුවීම සිදු කර ඇත.

“ක්‍රිකට් අත්හැරපු නිසා තාත්තා මෑතක් වෙනකල් මා එක්ක කතා කළේ නැහැ” – ධනුක ඩිල්ෂාන්

“ඒ දිනවල අපි හිටියෙ කුලී ගෙදරක. එතකොට මම හිටියෙ තුන වසරෙ. අපේ ගෙවල් අයිතිකාර අය අපි එක්ක හරිම හිතවත්. උඩහා ගෙදර අයියා කෙනෙක් ගහක බෝලයක් එල්ලාගෙන බැට් එකෙන් ගහනවා. මේක දැකලා මට ගොඩාක් ආසා හිතුණා. පස්සෙ බැලින්නම් එයා රුවින් පීරිස්. මුවර්ස් කණ්ඩායමේ හිටපු නායකයා. මේ ආසාව එක්ක ක්‍රිකට් පටන් ගත්තෙ 3 වසරෙ සිටියදීයි. 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගන්නවා කියන පණිවුඩය දැන ගන්න ලැබුණා. මම ඒකට යන්න හදනකොට අම්මා කිව්වෙ අනේ ඔයා ගහන ක්‍රිකට් කියලයි. කොහොම හරි එදා කණ්ඩායම තෝරපු අවස්ථාවේ ‘ඒ’ ටීම් එකේ නායකයා ලෙස පුහුණුකරුවන් වූ දිනේෂ් ගුණවර්ධන…

දළදා පෙරහර ආගෝස්තු 02 දා සිට ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු මස 02 දින ආරම්භ කෙරෙන බවත්  රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දේවාළ අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදී සංචාරය කිරීමට නියමිතය. කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින සිට 09 වන දින දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර 10 දින ආරම්භ කරන බව ප්‍රදීප් නිලංගල දෑල මහතා පැවසුවේය. රන්දෝලි පෙරහර 10 සිට…

අවි අතට ගෙන අවියෙන්ම මහ පාරේ මිය ගිය කළු අජිත්

දිනය ඉකුත් පස්වැනිදාය වේලාව රාත්‍රී හතයි තිහට පමණ ඇත. ජා ඇල, මහවත්ත ප්‍රදේශයේ වැසියන් සිය දවසේ රාජකාරී නිමවා අවසන් කරන්නට සුදානම් වෙමින් සිටියදී ඔවුන්ට ඇහුණේ රතිඤ්ඤා හඬක් වැනි පිපිරුමකි. කරමින් සිටි වැඩ පසෙක දැමූ ඔවුන් ඒ හඬ ඇසුණු දෙසට කන් යොමු කළේ හිතේ හටගත් සියුම් තැති ගැන්මත් සමගිනි. ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරුදින පුපුරා ගිය බෝම්බ නිසා කතෝලිකයන් බහුතරයක් සිටින ප්‍රදේශවල බොහෝ දෙනා තවමත් පසුවන්නේ නම් බියෙනි. එහෙයින් මේ ඇසුණු හඬ ඔවුන්ට යම් අනතුරක සංඥාවක් ගෙන දී තිබිණි. සියලු දෙනාම වහ වහා හඬ ඇසුණු දෙසට ගමන් කළහ. එහිදී ඔවුන්ට දැක ගැනීමට…

දියවැඩියාව වැළඳී ඇති රෝගීන්ගෙන් 30%කට අක්ෂි ආබාධ

දියවැඩියාව වැළඳී ඇති රෝගීන්ගෙන් 30% අක්ෂි ආබාධ වලට ගොදුරු වී ඇතිබව සමීක්ෂණයකින් අනාවරණය වී ඇතිබව ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කපිල බන්දු තිලක මහතා පැවසීය. දිය වැඩියාව හේතුවෙන් අක්ෂි ආබාධවලට ගොදුරුවන්නන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්,  දියවැඩියා වැළඳුණු පුද්ගලයන්ගෙන් 10%කගේ ඇස් පෙනීම දුර්වල බව පැවසිය.  01%-04% අතර ප්‍රතිශතයක් සම්පූර්ණයෙන් අන්ධ භාවයට පත්ව තිබේ. දිය වැඩියා රෝගය වයස් භේදයකින් තොරව වැළඳෙන රෝගයක් බවත්, වර්තමානයේ තිබෙන ආහාර පාන හා කාර්ය බහුලත්වය හේතුවෙන් දිය වැඩියා රෝගය වැළඳීමෙ සම්භාවිතාව ඉහළ මට්ටමක පවති. දිය වැඩියා රෝගය වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ඇසේ සිදුවන සංකුලතා වලට ලක්වීමේ…

ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක්

ඔහු තිස් හතර හැවිරිදි වියේ පසුවන තරමක් මෝඩ පහේ අවිවාහකයෙකි. පියාගේ ඇවෑමෙන් පසු හැත්තෑ තුන් හැවිරිදි මව සමඟ ජීවත් වූ මොහු ගමේ කවුරුත් ඉතා කුළුපගව ඇසුරු කළේය. දිනක් ගමේ තරුණ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටින විටදී ඔවුන් ඔහුට යෝජනා කළේ අපි හැමෝම ගැහැනු ළමයි එක්ක යාළුවෙලා ඉන්නවා වාගේ ඔයත් ගැහැනු ළමයෙක් එක්ක යාළුවන ලෙසය.  මේ අදහස සිතේ තදින්ම කා වැදුණු ඔහු දිනක් තම ගමට යාබද ගමක පදිංචි අවිවාහක විසිහතර හැවිරිදි තරුණියක හමුවී තම අදහස ඇයට කීවේය. ඇය ගත් කටටම පැවැසුවේ ඒ අදහසට තමන් ටික දිනකින් කල්පනා කර බලා පිළිතුරක් දුරකතනයෙන්…