සජිත් නිදොස්කොට නිවැරදි වෙයි

ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක්හයිඩ්‍රොක්සික්ලොරොක්වින් (ප්ලැක්වෙනිල්) හා ඇසිත්‍රොමයිසින් (සී-පැක්) යන ඖෂධ දෙකෙහෙි සුසංයෝගයක් යෙදීම තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 100% සුව කළ හැකි බවට තහවුරු කර ගෙන තිබේ.පසුගිය දිනවල හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඖෂධ දෙක පිළිබදව කරන ලද ප්‍රකාශයක් නිසා ඔහුට යම් යම් පාර්ශව විවිධ චෝදනා කරනු ලැබීය. කෙසේ වෙතත් නවතම හෙළිදරවුව විසින් තහවුරු කොට තිබෙන්නේ සජිත්ට එරෙහිව එල්ල කළ චෝදනා සත්‍ය නොවන සහ පදනම් විරහිත බවය. https://www.youtube.com/watch?v=ychL6MfWGyk&t=543s මෙම පර්යේෂණය හොබවා ඇත්තේ පාලිත තත්ව යටතේ ය. ඒ අනුව ප්ලැක්වෙනිල් හා සී-පැක් යන ඖෂධ දෙකෙහි සංයෝජනය දින 6 ක කාලයක් දක්වා…

ආණ්ඩුව ගිනස් වාර්ථා තියලා තියෙන්නේ-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.එහිදි ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය නොහැකියාව වසා ගන්නට බේගල් සහ අවලාද පවසමින් යන බවයි. ‘පසුගිය සති දහතුනට ගම්පෙරළිය නතර කළා.එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා නතර කළා.ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල අහිමි කළා.වැටුප් වැඩි කිරීම නතර කළා.විශ්‍රාමික වැටුප් විශමතා නැති කිරීම නතර කළා.නිල ඇදුම් දීමනාව කප්පාදු කළා. මෙහෙම දහසකුත් එකක් සහන සහ සංවර්ධන ක්‍රියා නතර කළා.ජනතා සහන නැති කරලා,සංවර්ධනය නැති කරලා ගිනස් වාර්තාවක් ආණ්ඩුව තිබ්බා.අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කීවා ණය විරාමයක් දෙන්න කියලා .ඒක බලලා චීනෙත් ඒ විරාමය දෙයි කියලා ඔහු කීවා.හැබැයි එහෙම කියලා ලංකාවට…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

ගෝඨා බයවෙයි ….. ලලිත් හා කුහන් අතුරුදන්කිරීම පිළිබද නඩුවට නොයා හැංගෙයි

ලලිත් හා කුහන් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවට යන්නට අවශ්‍ය නැති බව පවසා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය අධිකරණය ඉදිරියට නොයන ලෙස නියෝගයක් නිකුත් කිරීමකට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක සාක්ෂිකරුවක් ලෙස පෙනී නොසිට පිළිගත නොහැකි හේතු දැක්වීමෙන් පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට නොයා හැංගීමට දරණ උත්සාහයක් බවටද අදහස් මතුවී තිබේ. මේ බව ප්‍රකාශ කෙරුණේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් අද(24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. පෙ.ස.ප. ක්‍රියාකාරිකයන් දෙදෙනකු පැහැරගෙන යාමේ හා අතුරුදන් නිරීමේ සිදුවීම පිළිබඳ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙන හබයාස් කෝපුස් පෙත්සමට අදාළව මෙම මාධ්‍ය…

රාජපක්ෂලාගේ පැරණි බිල් ගෙවීමට ඉදිරිපත්කළ මෛත්‍රීගේ කැබිනට් පත්‍රිකාව මහා භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කරයි

පසුගිය මහින්ද රාජපක්ෂ 10 වසර පාලන සමයට අදාලව ගෙවීමට ඇති රුපියල් බිලියන 4.4ක බිල් ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා රාජ්‍ය මුදල්වලින් ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කර ඇත. පුදුමයට කරුණ වන්නේ මෙම කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම ඉදිරිපත්කර තිබීමයි. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමට පෙර මුදල් අමාත්‍යංශයේ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇත. ඒ අනුව භාණ්ඩාගාරය කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ වත්මන් මූල්‍ය රෙගුලාසි අනුව එලෙස ගෙවිය හැක්කේ 2015ට පසු වියදම් සඳහා බිල්පත් පමණක් බවයි. භාණ්ඩාගාරයේ මෙම තීරණය ජනාධිපති ලේකම් වෙත යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය…

සයනයිඩ් උගුල් යොදා වනසතුන් මරාදැමීමට ට්‍රම්ප් කෲර තීරණයක

සතුන් සුරැකීමේ කණ්ඩායම් මගින් ප්‍රබලව එල්ල කරන ලද විරෝධය නොසලකා හරිමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන තන්ත්‍රය, ‘සයනයිඩ් බෝම්බ’ නමින් හඳුන්වන, මතභේදයට තුඩු දුන් උග්‍ර විස සහිත උගුල් යොදාගනිමින්, වනාන්තරවල වෙසෙන හිවලුන්,  කයෝටි නම් වෘකයන් සහ නොහික්මුණු සුනඛයන් මරාදැමීමට නැවත අවසර දී තිබේ. M-44s නම් උපාංගය මෙම උගුල් සඳහා යොදාගෙන ඇත. තණකොළ සහිත භූමියක සිටුවන දිය ඉසීමේ උපකරණයට සමාන මෙම උගුල, කිසියම් සත්වයකු කටින් ඩැහැගෙන සැපීමේදී එහි අභ්‍යන්තරයේ ඇති සෝඩියම් සයනයිඩ් මුදාහැරේ. මේ හේතුවෙන් වනජීවිහු මිය යති. ඇමෙරිකාවේ අයිඩහෝ ප්‍රාන්තයේදී කුඩා පිරිමි ළමයකු තුවාල ලැබීමත්, ඔහුගේ සුරතල් බලුපැටවා මරණයට පත්වීමත් හේතුවෙන්,…

ආශු මාරසිංහ තවත් හෙලිදරව්වකට සැරසෙයි

ශරීයා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවාදයට තුඩුදෙන හෙළි නොවූ තවත් රහස් රැසක් ලබන සතියේ හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. ලබන අඟහරුවාදා මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙයි. එදින තවත් චෝදනා රැසක් හෙළිදරවු කිරීමට නියමිත අතර, දැනට අනාවරණය වී ඇති චෝදනාද විවාදයට ගැනීමට නියමිතය. ආශු මාරසිංහ මහතා සිළුමිණට පැවැසුවේ තම කාරක සභාව විසින් ඉදිරිපත් කළ සියලු චෝදනා හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා දැඩිව ප්‍රතික්ෂේප කළද ඒ චෝදනා සියල්ල සත්‍ය බවයි. සුභාෂිණි ජයරත්න

අපරාධකරුවන් රටින් පිට කරන ආගමන විගමන ජාවාරමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු අපරාධකරුවන්ට රැකවරණය දෙමින් ඔවුන් වංචා සහගතව රටින් පිට කිරීමේ සංවිධානාත්මකව සිදුවන ජාවාරමක් ගැන බුද්ධි අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙය රටේ ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් වන කාර්යයක් බව ද වාර්තා වේ. එසේ අපරාධකරුවකුට ආගමන විගමන නිලධාරීන්ගේ රැකවරණය ලැබීමක් ගැන තොරතුරු හෙළිවන ආසන්නතම සිදුවීම වන්නේ ජම්බුගස්මුල්ලේදී ඉකුත් 28 වෙනිදා අවන්හල් හිමිකරුවකු වෙඩි තැබීමට සම්බන්ධ මහ මොළකරු බවට හඳුනා ගත් ජම්බුගස්මුල්ලේ බබී නැමැති පාතාල අපරාධකරුව ඩුබායි රටට පැන යෑමට සැලැස්වීමය. එම පාතාල අපරාධකරු රටින් පලාගොස් ඇත්තේ 28 වැනිදා සිදුවන එම ඝාතනයෙන් පසුව වන…

රට රකින පොලිසියට අතුරුපස දීමනාවක්

පොලිස් නිලධාරීන්ට සැහැල්ලූ අතුරුපසක් ලබාදීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ දිනවල අතිරේක රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් සඳහාය. කිසියම් නිලධාරියෙක් පැය 10ත් 12ත් අතර කාලයක් නොකඩවා රාජකාරී සිදු කරන්නේනම් එක් අයෙකුට දිනකට රුපියල් 75ක් බැගින්ද, පැය 12කට වැඩි කාලයක් නොකඩවා රාජකාරී සිදු කරන්නේනම් එක් අයෙකුට දිනකට රුපියල් 100 බැගින් ද වෙන් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. 

ව්‍යාපාරිකයෝ ත්‍රස්තයන්ට කෝටි ගණන් මුදල් දීලා

විජයානි එදිරිසිංහ තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට බිලියන ගණන් වත්කම් සපයා ගැනීම පිණිස කෝටි ගණන් මුදල් ලබා දුන් කෝටිපති මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් රැසක් හදුනාගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ අතරින් කුලියාපිටිය ප්‍රදේශයේ රත්තරන් වෙළෙද ව්‍යාපාරිකයකුද අත්අඩංගුවට ගෙන ඇත. තවත් ව්‍යාපාරිකයන් ගණනාවක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කරගෙන යන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම ව්‍යාපාරිකයන්ගේ ගිණුම් ආදියද පරික්ෂාවට ලක් කර තිබේ. දැනට අත් අඩංගුවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් විශාල මුදලක් එම ත්‍රස්ත සංවිධානයට ලැබි ඇති බවද සොයා ගැනිමට හැකිව ඇති අතර මෙතරම් මුදල් ප්‍රමාණයක් ඔවුන්ගේ ව්‍යාපාරවල ආදායමින් පමණක් ලැබුණාද නැතහොත් මොවුන්ට වෙනත් ක්‍රමයකින් ලැබුණ මුදල්…