සජිත් කීව බෙහෙත ගැන ට්‍රම්ප්-මෝඩි කතාබහක

හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය පිළිබදව නැවතත් ලෝක මට්ටමේ කතාබහක් සහ අවධානයක් යොමුවී තිබේ.ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා ‌වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ‌‌කොරෝනා වයිරසයෙන් බරපතළ හානියට පත්ව සිටින සිය ර‌ටේ ජනතාවට ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීමක් කිරීමත් සමගය. මේ ඖෂධය පිළිබදව මීට පෙර අවස්‍ථා රැසකදීම සජිත් ප්‍රේමදාස මහතා මෙරට බලධාරීන්ගේ අවධානය යොමුකරනු ලැබූ නමුත් ඔහුට සමහරුන්ගෙන් එල්ල වූයේ සරදම් ය. කොරෝනා වලට තාමත් නිශ්චිතවම ඖෂධයක් හෝ එන්නතක් නොමැති අතර බොහෝ රටවල් මැලේරියාව සඳහා නිපදවූ chloroquine නමැති මේ ඖෂධය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටී. https://www.youtube.com/watch?v=R22xt9znXag එමගින්…

සජිත් නිදොස්කොට නිවැරදි වෙයි

ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක්හයිඩ්‍රොක්සික්ලොරොක්වින් (ප්ලැක්වෙනිල්) හා ඇසිත්‍රොමයිසින් (සී-පැක්) යන ඖෂධ දෙකෙහෙි සුසංයෝගයක් යෙදීම තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 100% සුව කළ හැකි බවට තහවුරු කර ගෙන තිබේ.පසුගිය දිනවල හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඖෂධ දෙක පිළිබදව කරන ලද ප්‍රකාශයක් නිසා ඔහුට යම් යම් පාර්ශව විවිධ චෝදනා කරනු ලැබීය. කෙසේ වෙතත් නවතම හෙළිදරවුව විසින් තහවුරු කොට තිබෙන්නේ සජිත්ට එරෙහිව එල්ල කළ චෝදනා සත්‍ය නොවන සහ පදනම් විරහිත බවය. https://www.youtube.com/watch?v=ychL6MfWGyk&t=543s මෙම පර්යේෂණය හොබවා ඇත්තේ පාලිත තත්ව යටතේ ය. ඒ අනුව ප්ලැක්වෙනිල් හා සී-පැක් යන ඖෂධ දෙකෙහි සංයෝජනය දින 6 ක කාලයක් දක්වා…

විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙනු

විශේෂ නිවේදනය විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙනු රටක් ලෙස අප මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්ත්වය තුල පවා ඇතැම් පාර්ශව සිය මෘග්ධ දේශපාලන අරමුණු ඉස්මතුකරගෙන කටයුතු කරන ආකාරයක් දක්නට ලැබීම කණගාටුවට කරුණකි. හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනතාවාදී ව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අදහස් විකෘති කරමින් සිදු කරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරමු . එක් අතකින් විපක්ෂයේ අදහස් පසෙක ලා ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එය ජන සම්මතවාදී පාලනය අභියෝගයට ලක් වීමකි . කොරොන උවදුර පිළිබදව මෙරට පාර්ලිමේන්තුව තුල මුලින්ම කරුණු අනාවරණය කළ මහජන නියෝජිතයා වූයේත්,නිරන්තරයෙන්ම ජනතාව දැනුවත්…

රනිල්ගේ පච ලසන්ත බොරු වපුරයි-එජාප කෘත්‍යධිකාරය තීරණයකින් තොරව අවසන්

සමගි ජන බලවේගයේ ලාංජනය සම්බන්දෙය්න් සහ ව්‍යවස්තාව සම්බනදව අද සිරිකොතදී පැවති කෘත්‍යාධිකාරි විශේෂ සාකච්චාව කිසිදු තීරණයකින් තොරව අවසන් වූ නමුත් ලසන්ත ගුණවර්දන වර්ධන නැමත්තා විසින් සමාජ ජාල තුල නොමග යවන සුලු ප්‍රකාශ කරමින් සිටී. කාරනා එසේ වූ නමුත් හෙට දිනයේ දි සමගි ජන බලවේගය එලෙසටම කිසිදු වෙනසකින් තොරව ජනගත කරන්නට සියලූම කටයුතු සූදනම් බවත් කිසිදු පැකිලීමකින් තොරව සියලු දෙනාට සමගි ජන බලවේගයේ විජයග්‍රාහී සමාරම්භක උත්සවය ට අරාදනා කරන බවත් එහි අප කල විමසීමකදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

ආණ්ඩුව ගිනස් වාර්ථා තියලා තියෙන්නේ-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.එහිදි ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය නොහැකියාව වසා ගන්නට බේගල් සහ අවලාද පවසමින් යන බවයි. ‘පසුගිය සති දහතුනට ගම්පෙරළිය නතර කළා.එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා නතර කළා.ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල අහිමි කළා.වැටුප් වැඩි කිරීම නතර කළා.විශ්‍රාමික වැටුප් විශමතා නැති කිරීම නතර කළා.නිල ඇදුම් දීමනාව කප්පාදු කළා. මෙහෙම දහසකුත් එකක් සහන සහ සංවර්ධන ක්‍රියා නතර කළා.ජනතා සහන නැති කරලා,සංවර්ධනය නැති කරලා ගිනස් වාර්තාවක් ආණ්ඩුව තිබ්බා.අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කීවා ණය විරාමයක් දෙන්න කියලා .ඒක බලලා චීනෙත් ඒ විරාමය දෙයි කියලා ඔහු කීවා.හැබැයි එහෙම කියලා ලංකාවට…

දිස්ත්‍රික්ක 7 ක් සජිත්ව ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය ‘ලකුණ මත’ අතිශයින්ම භේද බින්න වී තිබියදී පවා එහි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නායකයින් ‘ඇති හැකි මට්ටමින්’ ඡන්දයට සූදානම් වනු දැකිය හැකිය. නමුත් මේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නායකයින් සියලු දෙනාම ‘නැවත වතාවක්’ තවත් පොරයක පැටලී සිටින්නේ සජිත් ප්‍රේමදාස තම තමන්ගේ ‘වැයික්කි’ වලට අද්දාගැනීමට යි. ඒ අනුව මේ වන විට සජිත්ට දිස්ත්‍රික්ක 7 කින් ම ඡන්ද ඉල්ලීමට යෝජනා ඉදිරිපත් වී තිබේ. ඒ කුරුණෑගල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ හම්බන්තොටිනි. සජිත්ව කොළඹින් ගෙනෙන්නට අවශ්‍ය වී ඇත්තේ සුජීව සේනසිංහට ය. සජිත්ව කුරුණෑගලට ගන්නට අවශ්‍ය වී ඇත්තේ තුෂාර ඉඳුනිල්ට සහ අශෝක්…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

වැඩ කළාට නගන අවලාද වලට මෙන්න උත්තර

2015 වසරෙන්  ආරම්භවූ “සැමට සෙවන” ජාතික නිවාස වැඩසටහනේ 2019 වසර අවසානය වන විට විවිධ වූ නිවාස සංවර්ධන වැඩසහන් යටතේ නිවාස ප්‍රතිලාභීන් 387,520 කට ප්‍රතිලාභ ලබා දී ඔවුන්ගේ නිවාස සංවර්ධන කටයුතු වලට දායකවී තිබේ. මේ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය ආයෝජනය කළ මුදල රු. මි.37,160.474කි. මේ සෑම ප්‍රතිලාභියෙකුටම නිවාස ණය හෝ ආධාර අධියරගතව ලබා දුන් අතර එහි මුදල්  දායක කර ගනිමින් ප්‍රතිලාභීන්ගේද දායකත්වය ලබා දෙමින් මේ නිවාස ඉදිකිරීම් සිදු වූවා.මේ සෑම නිවාස ලාභියකුගේම නම, හැඳුනුම්පත් අංකය හා ලිපිනය යන තොරතුරු පරිගණක ගත කර නිවාස සංවර්ධන අධිකාරිය සතුව ඇති බව ප්‍රකාශ කෙරේ. ආදර්ශ ගම්මාන…

විපක්ෂ නායක කාර්යාලයේ පෝදා ධර්ම දේශනාවේ අසිරිය

විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාසික පෝදින ‘සිරි සදහම් සෙත’ ධර්ම දේශනාව ඉකුත් නවම් පෝයදා පැවැත්වුණි. සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූ අතර ඉහිදී ඉතා සිත් පහන් කරවන සිදු වීම් කිහිපයක්ම දැකිය හැකි විය. ධර්මදේශනාව ශ්‍රවනය කිරීමට හේමා ප්‍රේමදාස ආර්යාවද පැමිණ සිටියා ය. මහානායක හිමිපාණන් වහන්සේ ධර්මාසනයෙහි වඩා හිඳුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා සන්සුන්ව මල් පහන් පුදා කටයුතු ආරම්භ කළේය. මහනාහිමිපාණන් වහන්සේ කාලීන,විචිත්‍ර ධර්මදේශනාවක් පැවැත්වූ අතර වත්මන් විපක්ෂ නායකවරයාගේ ක්‍රියා කලාපයද ප්‍රසංසාවට බඳුන් කළහ. ධර්මදේශනාව හමාර වීමෙන් පසු මහනාහිමිපානන් වහන්සේව වත්තන්…

රතන හිමියි-හිස්බුල්ලායි එකම වේදිකාවේ

ෂරියා සරසවිය පිරිවෙණ වෙලා ද? පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා දැන් සිටින්නේ එකම වේදිකාවක බවත්, ෂරියා විශ්වවිද්‍යාලය රතන හිමියන්ට දැන් පිරිවෙණක් වෙලා ද යන ප්‍රශ්නය ජනතාවට මතුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් (8) දා නාවලපිටිය බස් නැවතුම් පොළේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී ඉවරයි. ලොකු කෑල්ල අරගෙන…