ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ඉල්ලා අස්වෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියට විනිවිදභාවයක් නොමැති කම හේතුවෙන්, ඔහු මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ

SSC සභාපති ධූරය මහේලට..!

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කොළඹ SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ, එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි. ඒ අනුව ඔහු SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස ඉදිරියේ දී කටයුතු කරනු ඇති. මහේල ජයවර්ධන මේ වන විට ICC ක්‍රිකට් කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

සනීපාරක්ෂාවට සමච්චල් කරන පොහොට්ටුවේ කාන්තාවන් ගැන කනගාටුයි

මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ කතාවට පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතයන් දක්වන ප්‍රතිචාර පිළිබඳව කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ කියා සිටියේ ඊයේ (5) සිරිකොත පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය. තවදුරටත් මන්ත්‍රීවරිය මෙසේද පැවසීය. කාන්තාව කාන්තාවගේ අපහසුතාවයන් හඳුනා නොගන්නේ නම්, එය සමච්චලයට ලක් කරන්නේ නම් අන් අය පිළිබඳව බලාපොරොත්තු තබා ගන්නේ කෙසේ දැයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් ප්‍රශ්න කරයි. මෙවන් වැදගත් කාලීන මාතෘකාවක් සාකච්ඡාවට ලක් කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව ආඩම්බර වන බව ද…

මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි.  පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩිගේ සතුව තිබූ කඩුලු 98 පසුකරමින් කඩුලු 99 ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වූයේය. නවසිලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගම මාලිංග 99 වැනි කඩුල්ල දවාගත්තේය.  විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100 ක් දවාගන්නා පළමු පන්දු යවන්නා වීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් එක කඩුල්ලක් පමණි.

ෂොට් එකක් ගහලා අවුට් වුණාට බනින්නේ නෑ – දිමුත්

තමන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දී ඇති බවත් ක්‍රීඩකයන් එයින් ප්‍රයෝජන ගන්නා බවත් ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය. “ආරම්භයක් ගන්න කෙනා ලොකු ලකුණකට යන්න සැලසුමක් කණ්ඩායමේ තිබුණා. ඒ සැලසුම අනුව අපි ක්‍රීඩා කළා. මම ක්‍රීඩකයන්ට ගොඩක් නිදහස දීලා තිබෙනවා. කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා ඇවිත් ප්‍රවේගකාරී ලෙස පිතිකරණයේ යෙදුණා. ඒ අය ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ගාල්ලේ මම අවසන්වරට ශතයක් ලබාගත්තේ 2018 වසරේදී. තරග හයකදී පමණ මට ශතකයක් ලබාගන්න බැරිවුණා. ඒක තමයි මම ටීම් එකටත් කිය කිය…

මුරලි ගැන චිත්‍රපටයකට විජේ එක්වෙයි?

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට  ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි. එම චිත්‍රපටයේදී මුරලිගේ චරිතය ඔහු රඟ දැක්වීමට නියමිතව තිබේ. ‘800’ ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටය හරහා මුරලිගේ ටෙස්ට් දිවියේ සුවිශේෂි කඩුලු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමට නියමිතව තිබේ. දෙසැම්බර් මාසයේදී රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය.  මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව හා ලෝකයේ තවත් රටවල් කිහිපයක සිදුවීමට නියමිතය. ගල්ෆ් නිවුස් ඇසුරෙනි

ඉන්දියාව පුහුණු මණ්ඩලයම ඉවත් කරයි – මහේල, වාස්, ඩිල්ෂාන් ඉන්දීය පුහුණුකරුවන් ලෙස ඉන්දියාවට ?

පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කරනා සිදුවීමක් බවට පත්ව තිබේ. ඒ අනුව ලෝක කුසලාන ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ඒ සඳහා මේ වන විට ඉල්ලූම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ. නව තනතුරු සඳහා ප‍්‍රධාන පුහුණුකරු, පන්දු යැවීමේ පුහුණුකරු, පන්දු රැුකීමේ පුහුණුකරු, භෞතචිකිත්සක, පුහුණු උපදේශක කළමනාකාර යන තනතුරු සඳහා නව…

CarFreeCMB අතිසාර්ථකයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට මෝටර් රථ වලින් තොරව පදිකයන්ට සහ පාපැදි වලට පමණක් මාර්ග කිහිපයක් වෙන්කිරීමේ අරමුණින් සංවිධානය කළ CarFreeCMB වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. පදිකයන් ලෙස මෙන්ම පාපැදි, ස්කේට්බෝඞ් සහ රෝලර්බ්ලේඞ් වැනි ක‍්‍රම මගින් මෙම වැඩසටහන සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබිණි. කොළඹ මහනගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වූයේ කොළඹ නගරය අලූත් ඇසකින් දකින්නට ජනතාව යොමුකරවන අතරම, වඩාත් සෞඛ්‍ය සම්පන්න හා තිරසාර නාගරික ජීවන රටාවක වැදගත්කම පෙන්වා දීම ය. දැනටමත් ජකර්තා, ක්වාලාලම්පූර්, තායිවානය සහ ගුරගොන් වැනි මෙම කලාපයේ නගර වල මේ ආකාරයට…

ලෝක කුසලානය අත ළඟ ශ්‍රී ලංකාව කොට උඩ කටු ඔටුන්න කාට ද?

ලෝක කුසලානය අත ළඟ ශ්‍රී ලංකාව කොට උඩ කටු ඔටුන්න කාට ද? කොල්ලනේ නියමයි. එකක් මතක තියා ගන්න. අපි අවසානය තෙක් සටන් වදින්නෙමු. ශ්‍රී ලංකාව ඔබ සමඟයි. මම අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් මම ඔබ ගැන අතිශය ආඩම්බර වෙනවා. මේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි 20 තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු සටනක් අවසානයේ සුපිරි පන්දු වාරයේ පරාජය වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතමින් ෆේස්බුක් ඔස්සේ තබන ලද සටහනකි. ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ දෙමසකට ආසන්න කාලයකි. ශ්‍රී ලංකා කණ්ඩායම…

උතුරු පලාතේ පළමු වරට මෝටර් රථ ධාවන රැලියක්…

උතුරේ වැසියන්ට නව අත්දැකීමක් එක් කරමින් උතුරු පලාතේ පළමු වතාවට මෝටර් රථ ධාවන රැලියක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබුණි. යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී සහ වෙත්තලකේනී අතර මෙම මෝටර්රථ ධාවන රැලිය පැවති අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව මෙම මෝටර්රථ ධාවන රැලිය පැවත්වුණි. ශ්‍රීලංකා මෝටර්රථ සංගමය, ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමය හා උතුරු පලාත් මෝටර්රථ සංගමය සහභාගීත්වයෙන් උතුරේ ජීවත්වන තරුණයින්ට නව අත්දැකීමක් එක් කිරීමේ අරමුණු ඇතිව මෙම රැලිය සංවිධානය කොට තිබූ අතර මේ සඳහා ලංකාවේ ප්‍රමුඛතම මෝඨර්රථ ධාවකයින් හා යතුරුපැදි ධාවකයින් සහභාගී වූහ.…