විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…