විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙනු

විශේෂ නිවේදනය විකෘති කිරීම් නවතා අදහස්වලට සවන් දෙනු රටක් ලෙස අප මුහුණ දී සිටින ව්‍යසනකාරී තත්ත්වය තුල පවා ඇතැම් පාර්ශව සිය මෘග්ධ දේශපාලන අරමුණු ඉස්මතුකරගෙන කටයුතු කරන ආකාරයක් දක්නට ලැබීම කණගාටුවට කරුණකි. හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනතාවාදී ව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අදහස් විකෘති කරමින් සිදු කරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරමු . එක් අතකින් විපක්ෂයේ අදහස් පසෙක ලා ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එය ජන සම්මතවාදී පාලනය අභියෝගයට ලක් වීමකි . කොරොන උවදුර පිළිබදව මෙරට පාර්ලිමේන්තුව තුල මුලින්ම කරුණු අනාවරණය කළ මහජන නියෝජිතයා වූයේත්,නිරන්තරයෙන්ම ජනතාව දැනුවත්…

සන්ධානය ලියාපදිංචි නෑ-රනිල්ගේ බොරුව අතේ පත්තු වෙයි.

සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමේ ලියාපදිංචි නැති බවට රනිල් වික්‍රමසිංහ සිය සුපුරුදු බේගලය අද උදෑසන සිරිකොතදී වපුරා තිබේ. සමගි ජනබලවේගයේ විජයග්‍රාහී බලපෑම මේ වනවිට රනිල් පාර්ශවයෙ බරපතළ සසල වීමකට හේතුවී තිබේ. උදෑසන සිරිකොතදී මන්ත්‍රීවරු කැදවූ රනිල් මේ කුඨ නාටකය රගදැක්වූහ..සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් අතර එහි ලියාපදිංචිය ද ඊට හිමිව තිබේ. එහෙත් රනිල් සහ කල්ලිය බොරු අවලාද නගමින් සත්‍ය වසන් කරමින් සිටී.

එජාපය ‘වල’තෝරා ගනී!

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීම හමාරවූයෙ අර්බුද මැදය.එජාප නායකයා විසින් එය කූඨප්‍රාප්තියට ගෙනා අතර මේ පිලිබදව විපක්ෂ නායක කාර්‍යාලයෙන් විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් එවා තිබේ. විපක්ෂ නායක කාර්‍යාලයේ මාධ්‍ය නිවේදනය 2020/03/01 එකගතාවයකින් තොරව කෘත්‍යාධිකාරී රැස්වීම අවසන් …………………………………………… අද(01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළැබෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ‘ලකුණ”පිළිබදව එකගතාවයකින් නොවේ. නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරමු. අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත්…

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා එන්න-සජිත් ශ්‍රීලනිපයට කියයි

අපි අලුත් ගමනක් යන බවත්,එය නවීන ගමනක් බවත්,පොහොට්ටු යකඩ සපත්තුවලට පෑගුනු ශ්‍රීලනිපයටත් ඊට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. කොළඹ නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සංවිධානය කළ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. විපක්ෂ නායකයා මෙසේද කීය. “ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වුනේ 17වෙනිදා.අද වෙනකොට මාස තුනක්. මම පුදුම වුනා ඊයෙත්,පෙරේදා ත් ප්‍රතිවාදීන් නිර්මාණය කරන කතාවක්  නිසා. පාර්ලිමේන්තුව පවත්වන අවසන් දිනයේ රජය ගෙනාවා මුදල් යෝජනාව ක්.එහි පරාජය වහගන්න ආන්ඩුව ගේනවා කතාවක් .විපක්ෂය ජනතාවට අවුරුදු කන්න තියෙන අවස්‍ථාව  නැති කළාලු. මේ මොන විහිලු කතාද?. මතක් කරලා බලන්න අපි ආව ගමන්…

මහින්දගේ බේගල් වලට සජිත්ගෙන් පිළිතුරු

විපක්ෂය නිසා අතුරු සම්මත ගිණුම ගේන එක වැළකී ගියා. සිංහල අවුරුද්දට කැවුම් කිරිබත් හදාගෙන සතුටු වීමට ගම්බද ජනතාවටත් කම්කරු ජනතාවටත් තිබූ අවස්ථාව වැළකී ගියේඒ නිසා. ඒකට විපක්ෂය වග කියන්න ඕන යැයි මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු එබව කියා සිටියේ, මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී ඊයේ (21) පැවැති ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සමුළුව අමතමිනි. නමුත් මේ ප්‍රකාශය සහමුලින්ම වැරදි ප්‍රලාපයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. ඔහු මුලින්ම පාර්ලිමේන්තුවේදී මේ බවසහතිකව අවධාරණය කළේය. ”මේ යෝජනාවේ කොටස් දෙකයි. සංවර්ධන සහ සහන යෝජනා වලට අපි එකගයි. හැබැයි ණය සීමා උස්සනවට විරුද්ධ…

බැරියර් එක සජිත්!ආණ්ඩුව මඩට බසී !

ණය අනුපාතය ඉහල නංවා ආර්ථිකය කාබාසිනියා කිරීමේ කූඨ උපාය ලත් තැනම ලොප් වීමෙන් ආණ්ඩුවේ මහ පුටු සෙලවී ව්‍යාකූලත්වයට පත්ව තිබේ.ඒ අනුව, සජිත් විපක්ෂ නායකයා ලෙස කටයුතු කිරීම විශාල බාධකයක් සේ ඔවුන් විශ්වාස කරයි.ඊයේ ආණ්ඩුව ගෙන ආ යෝජනාවට එරෙහිව සජිත් ප්‍රේමදාස සිය හඩ නැගූ අතර අදාල යෝජනාව හකුලා ගන්නට ආණ්ඩුවට සිදු වූයේ ඒ අනුව ය. මේ තත්ත්වය ආණ්ඩුවේ බරපතල පපසුබෑමකට සග සසල වීමකට හේතු වී තිබේ .’මතක තියාගන්න අපි විරුද්ධ ජනතාවට සහන දෙනවට නෙවේ.අපි විරුද්ධ  සංවර්ධන යෝජනාවලට නෙවේ.අපි විරුද්ධ ණය අනුපාතය ඉහළ නංවා රට අගාධයකට දානා යෝජනාවටයි”සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කීවේය…

ඩීල් නෑ!සජිත් ඔප්පු කරයි!

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව එතෙක් පැවති ඩීල් දේශපාලනය අවසන් වූ බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී දැකගන්නට ලැබුණේ එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.  “රජය පාර්ලිමේන්තුවට පනතක් ගේන්න හැදුවා තව විශාල බිලියන ගාණය ණය මුදලක් ගන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා. අද එහෙම තියෙද්දි හොර රහසේ තමයි මේක පාර්ලිමේන්තුවට දාලා පාස් කරලා තව ගිනි පොළියට ණය ගන්න ලෑස්ති වුණේ.  විශේෂයෙන්ම අපෙ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැදිහත්වීම මත අපි කිව්වා සංවර්ධන…

උපාධිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදා ද? විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අසයි

උපාධිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදා ද?විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අසයි සියලු උපාධිධාරීන් හට මේ වසරේදී රැකියා ලබා දෙන බවට පොදුජන පෙරමුණ මැතිවරණය සමයේ වේදිකාවල පොරොන්දු වූ බවත් ජාතික වැදගත්කමක් සහිත මේ ප්‍රශ්නය පිළිබදව ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පිළිතුරු දියයුතු බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී (21)පැවසීය.ස්ථාවර නියෝග 27(2)යටතේ ඒ මහතා මේ බව පැවසීය .රැකියා විරහිත උපාධිධාරීන් පිළිබදව ගැටලුව සෑම රජයක්ම මුහුණ දුන් ගැටලුවක් බව කී ඒ මහතා යහපාලන ආණ්ඩුව උපාධිධාරීන් 20000ක් සෘජුව රාජ්‍ය සේවයට බදවාගත් බවත් රජයේ දීප ව්‍යාප්ත සේවාවන් සහ අනෙකුත් සංවෘත සේවාවන් සදහා නිසි කලට,ක්‍රමවේදයන්ට…

ජීවිතය දිනන්නට සිහින ඇහිදින්නී

ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්‍යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් Game Changer කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්‍යවසායකයෙක්. ඇමරිකන් මිනිසුන් බහුතරයකගේ සිතේ තියෙන්නෙ තමන් එකතු කල මුදල් ආයෝජනය කරන්න. බොහෝදුරට හම්බවෙන මුදල් මුලදී තමන් පටන්ගන්න ඉන්න දෙයහි පර්යේශන සඳහා වියදම් කරනව. පස්සෙ ඒ දේ මගින් ව්‍යාපාරය පටන් අරන් මුලු ලෝකයම හොල්ලනව. එහෙම මුලු ලෝකයම නැතත් මුලු ලංකාවම හොල්ලන ව්‍යවසායකයෙක් වෙන්න නම් ඔබ කලයුත්තේ නිෂ්පාදනයක් මගින් ව්‍යාපාරයක් පටන් ගැනීමයි. අපි කතා කරන්නේ එහෙම අපූරු යුවතියක් සමඟ. ධෛර්යයෙන් තමන්ගේ ජීවිතය ගොඩනඟා ගත් කෙනෙක්. ඇය නමින් මේනකා අමරසිංහ. ඇයට අපිත් එක්ක කතාව ආරම්භ…