ඇමරිකාව දේශපාලන මත ගැටුමක : කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළ යයි..!

ඇමරිකාවේ දෛනික ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.ගෙවීගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ 77,000කට වැඩි වාර්තාගත ඉහළ යාමකින් පසු, සිකුරාදා දිනයේ 71,000 ඉක්මවා ආසාදිතයන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 140,119ක් ලෙස වාර්තා වන අතර, සමස්ත ආසාදිත අගය 3,711,297ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.කෙසේ වෙතත් මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටි.

පොහොට්ටුවට 3/2 දෙන්න රනිල් ගහන ගැටේ!

එක්සත් ජාතික පක්ෂයේ අවුල නිවී නිවී පත්තුවන්නා සේ ය. ‘කෘත්‍යාධිකාරිය’ සහ ‘හතරදෙනාගේ කමිටුව’ යන කිසිවකින් අවසන් තීන්දුවක් නොලද ‘ලකුණ පිළිබඳ ගැටලුව’ මේ වන විට ‘පඹ ගාලක්’ බවට පත්ව ඇත්තේ ය. කලින් සතිය අවසන් වන විට, ගැටුම තිබුණේ ‘අලියා ලකුණ’ සහ ‘හදවත ලකුණ’ අතර ගැටුමකි. එහෙත් මේ සතිය අවසන් වන්නේ ‘අලියා ලකුණ’ සහ ‘හංසයා ලකුණ’ අතර ගැටුමකිනි.‘‘හදවත ලකුණට ඔබතුමන්ලා බලාපොරොත්තු වන හාරත ලකුණ නං දෙන්න විදියක් නෑ… හදවත ලකුණ ඕනැ නං මනුස්ස හදවතක ලකුණක් තමයි දෙන්න වෙන්නෙ… ’’ යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පවසා තිබුණෙන්, මේ වන විටත් ‘හදවත’ ‘ගැටුම් චක්‍රයෙන්’…

නොට්‌රඩෑම් ගින්න සෙවීමට ගිනි නිවන භටයන්ට විනාඩි 23 ක්‌ ගතවුණා

නොට්‌රඩෑම් ගින්න සෙවීමට ගිනි නිවන භටයන්ට විනාඩි 23 ක්‌ ගතවුණා ලෝක උරුමයක්‌ මෙන්ම ප්‍රංශයේ හදවත යෑයි හඳුන්වන ඓතිහාසික නොට්‌රඩෑම් දෙව් මැඳුරේ ගින්න පිළිබඳව ප්‍රංශ ගිනි නිවන භටයන්ට සොයා ගැනීමට හැකිවී ඇත්තේ විනාඩි 23 කට පසුව බව හෙළිවී ඇත. එහෙත් පැරීසියේ නඩු අධ්‍යක්‍ෂවරයා පැවැසුවේ දෙව්මැඳුරේ පියස්‌ස ගිනි ගැනීමට පැය 1/2 කට පෙර ගිනි නිවන භටයන් තම දිවි නොතකා එම ස්‌ථානයට ගිය බවය. ඊට හේතුවී ඇත්තේ ගින්නක්‌ ඇතිවී ඇති බවට අනතුරු හඟවන නලා ශබ්දවීමයි. එහෙත් ගින්නක්‌ ගැන සොයා ගැනීමට ගිනි නිවන භටයන්ට නොහැකිවී ඇත. මෙම දෙව්මැඳුරේ තිබූ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ කටු ඔටුන්න…

ෆේස්බුක් එකේ බෙදුම්වාදය තහනම්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ‘සුදු ජාතිකවාදය සහ බෙදුම්වාදය අගය කිරීම්, ඊට සහය පළ කිරීම සහ එම මතවාදය නියෝජනය කිරීම’ අවහිර කරන බව ෆේස්බුක් සමාගම පවසයි. “ත්‍රස්තවාදී කණ්ඩායම්” විසින් පළ කරනු ලබන අදහස් හඳුනා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමට සහ ඒවා අවහිර කරන බවට සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆේස්බුක් සමාගම ප්‍රතිඥා දී ඇත. ප්‍රකෝපකාරී යෙදුම් සොයන (Search) ෆේස්බුක් භාවිත කරන්නන් අන්ත දක්ෂිණාංශිකත්වයට එරෙහිව සටන් කරන ස්වේච්ඡා සංවිධානයක් වෙත යොමු කිරීමට මේ අනුව පියවර ගනු ඇත. නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර සජීවීව විකාශය කිරීමත් සමග ෆේස්බුක්…

ලොක්කන්ගේ දුරකථන ආණ්ඩුව ටැප් කරලද?

ප්‍රංශයේ ජනාධිපතිව සිටි චාල්ස් ඩිගෝල් ඝාතනය කිරීමට සැලසුම් කළ කුමන්ත්‍රණයක් පිළිබඳ ත්‍රාසජනක නවකතාවක් ලියැවී තිබේ. “ද ඩේ ඔෆ් ද ජැකෝල්” (වෘකයාගේ දවස) යනුවෙන් ලියැවුණු එම ‍පොතේ එන වීරයා රහස් පරීක්ෂකයෙකි. ජනපති ඝාතනයට එන වෘකයා යන අන්වර්ථ නමින් හඳුන්වන නාඳුනන ස්නයිපර්  තුවක්කුකරුවා හඳුනා ගත්තේ එම රහස් පරීක්ෂකයාය. වෘකයා පිටුපස මාස ගණනාවක් පුරා පැන්නුවත් ඔහුගේ සියලු මෙහෙයුම් වෘකයාට දැන ගන්නට ලැබේ. අන්තිමේදී රහස් පරීක්ෂකයා මෙහෙයුමේ තොරතුරු පිටට දෙන නිලධාරියා සොයා ගැනීමට සමත් වෙයි. ඔහු මෙහෙයුමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ වාඩිවන කර්නල්වරයෙකි. කර්නල්වරයා තොරතුරු දුන් බව හෙළි වන්නේ රහස් පරීක්ෂකවරයා ඔහුගේ දුරකථනයට හොරෙන් සවන්…

සෙබළුන් 2500ක් එක්වන සැමරුම් පෙළපාළියක්

රුසියාවේ ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදාවෙන් මුදාගෙන 75 වසරක් ගතවීම සංකේතවත් කරමින් හමුදා භටයන් 2500කගේ සහභාගිත්වයෙන් සැමරුම් පෙළපාළියක් පවත්වනු ලැබීය. මේ පෙළපාළිය පවත්වා ඇත්තේ ශාන්ත පීටස්බර්ග් නගරයේදීය. වර්තමානයේදී ශාන්ත පීටස්බර්ග් නගරය යනුවෙන් හඳුන්වන රුසියාවේ ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදා විසින් වටලනු ලැබුවේ 1941 – 1944 කාල සීමා වේදීයි. ඒ කාලය අතරතුර බෝම්බ ප්‍රහාරවලින් සහ කුසගින්නෙන් දහස් සංඛ්‍යාත පිරිසකට දිවි අහිමි වූ අතර එය සිදුවීම දීර්ඝතම මෙන්ම දරුණුතම වටලෑමක් ලෙසද එරට ඉතිහාසයට එක් වී තිබේ. දින 872ක අඳුරු කාලය නිමා කරමින් ලෙනින්ග්‍රාද් නගරය යළි අත්පත් කරගැනීමට රුසියානු හමුදා සමත්වුණේ 1944 ජනවාරි 27 වනදායි.

ලොව හුදෙකලා තාරාවා සුනඛ ප්‍රහාරයකින් මරුට

ලොව හුදෙකලා තාරාව ලෙස වරෙක නම් හඳුන්වනු ලැබූ “ට්‍රෙවොර්” සුනඛ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබේ. පැසිෆික් පාලන දිවයිනක් වන නියු දේශයේ ජීවත් වූ එම වර්ගයේ එක පක්ෂියා වූයේ මිය ගිය තාරාවා ය. 2018 වසරේ දී එහි පදිංචියට පැමිණි ට්‍රෙවොර් පැමිණියේ කෙසේදැයි පැහැදිලි නැත. මාර්ගය අසළ දිය කඩිත්තක මෙම කෙටි කාලය ජීවත් වූ මෙම තාරාවා බොහෝ දෙනා ගේ ආදරය දිනා ගත් අතර ඔවුන් ගේ නොමද සැලකිල්ලට ද භාජනය විය. විශේෂයෙන් එම දිය කඩිත්තේ ජලය අඩු වන විට ගිනි නිවන හමුදාව විසින් බවුසර් මාර්ගයෙන් ජලය පිරවීමට ද කටයුතු කළේය.

ඉන්දියාව ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂ ගත කරයි

ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව කක්ෂගත කළ බව ඉන්දියාව පවසයි. කිලෝ ග්‍රෑම් 1.26ක් පමණක් වන කලාම්සැට්-වී2 (Kalamsat-V2) චන්ද්‍රිකාව අභ්‍යවකාශ අධ්‍යාපන ආයතනයක සිසුන් විසින් නිපදවා ඇත.ඉන්දියාවේ හිටපු ජනපතිවරයෙකු වූ අබ්දුල් කලාම් මහතාගේ නමින් මේ චන්ද්‍රිකාව නම් කර තිබේ. දින හයකින් නිම කෙරුණු මේ චන්ද්‍රිකාව සඳහා වැයවූ මුදල ඉන්දියානු රුපියල් මිලියන1.2කි. ඔවුන් පවසන්නේ මේ නිපැයුම මගින් අනාගත පාසල් දරුවන් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් වීමට පොළඹවනු ඇති බවයි. ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය ඔවුන්ගේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කර ඇත‍ . ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් ගුවන්ගත කළ මේ චන්ද්‍රිකාව රැගෙන ගිය රොකට්ටුව ටොන්…

දැඩි ශීතල නිසා අමෙරිකාවේ ජන ජීවිතයට පීඩා

දැඩි ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඊයේ දිනයේ දී ප්‍රදේශ රැසකට දැඩි හිමපතනයක් සිදුව ඇති බව වාර්තා වේ. අමෙරිකාවේ ප්‍රාන්ත 10කට දැඩි ශීත කාලගුණය හේතුවෙන් අවදානම් නිවේදන නිකුත් කෙරිණ. බොහෝ ප්‍රදේශවලට අඩියකට වඩා වැඩි හිම පතනයක් සිදුව තිබේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන අගයක් ගෙන ඇත. ඇතැම් නගරවල එය සෘන 11 දක්වා පහළ බැස ඇති බව, වාර්තා වේ. දැඩි හිම පතනය සහ ශීත කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත. එසේම, ඇතැම් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන්නේ පැය ගණනක ප්‍රමාදයකින් පසුවයි. දුම්රිය ගමන් වාර රැසක් ද අවලංගු…