අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මියයයි.!

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස මොහුට එරෙහිව මෙරට අධිකරණවල නඩු රැසක් ගොනුවී තිබෙනවා. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ ඔහු කලක් ඇසුරු කළ බව කියන කාන්තාවක් විසින් ආහාර සමග එක් කොට ලබා දුන් විෂ ශරීරගතවීමෙන් බවයි වාර්තා වන්නේ. විෂ ශරීර ගතවීමෙන් අනතුරුව අංගොඩ ලොක්කා ඉන්දියාවේ රෝහලක සතියක පමණ කාලයක්‌ ප්‍රතිකාර ලබා ඇති බව සඳහන්.අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය්ගිය් බවට පළවන වාර්තාවන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ගෙන් විමසා සිටියා. එහිදී එවැනි…