වර්තමාන රජයේ නොහැකියාව නිසා ජනතා ප්‍රශ්ණ වලට විසදුම් නෑ – සජිත් ප්‍රේමදාස.!

වර්තමාන රජයේ නොහැකියාව හා අදක්ෂතාවය නිසා ජනතා ප්‍රශ්ණ වලට විසදුම් ලබා දීමට ඔවුන්ට නොහැකිවී තිබෙන බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පසුගියදා (2020.07.26) කිරුළ පන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු නැගෙනහිර කොළඹ කාන්තා බල මණ්ඩල හමුවට සහභාගී වෙමිනි. එතුමා වැඩි දුරටත් හමුව අමතමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුවට මේ ආර්ථික ප්‍රතිපත්ති,ආර්ථික න්‍යායන් නොතේරෙන බවත් ජනතාව සහන ඉල්ලන විට,හුස්මගැනීමේ අයිතිය ඉල්ලන විට මුදල් ඇමතිතුමා දෙවැනි බුවනෙකබාහු රජුගේ අන්තප්පුරය ගැන කතා කරන බවය. එම කතා…

අපේ අපේක්ෂක ලැයිස්තුවේ බූරුවෝ නෑ.ඉන්නේ අස්සයෝ විතරයි – කණිෂ්ක සේනානායක.!

ජනබලවේගයේ මෙවර ඉදිරිපත් කර අපේක්ෂක ලැයිස්තු වල බූරුවන් නොමැති බවත් අශ්වයින් පමණක් සිටින බවත් ඔවුන් සියලුම දෙනාම හොඳින් වැඩකළ කල හැකි අපේක්ෂකයින් බවත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා පවසයි. පෞද්ගලික යූ ටියුබ් චැනලයක දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය සියලුම බූරුවන් හා හොරුන් ඉවත් කර මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි. බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අනුව පොදු ජන පෙරමුණේ ජනතාවට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් තෝරන්නේ බූරුවන් විසින්ද යන වග ඒ මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. සමගි ජන බලවේගයේ කොළඹ අපේක්ෂක ලැයිස්තුව දෙස බලන ඕනෑම කෙනෙකුට…

සංචාරකයන්ගෙන් කොළඹ හදන කණිෂ්ක..!

පවතින කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටී ඇති සංචාරක ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පවසනවා.ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ, කොවීඩි වසංගතය හේතුවෙන්‌ වැඩියෙන්ම පීඩාවට පත්වූ ව්‍යාපාරක්ෂේතය ශ්රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයයි. සංචාරක හෝටල්වල ආදායම සමිපූර්ණයෙන්ම අහිමි වූ තත්ත්වයක්‌යටතේ හෝටල්‌ ක්ෂේතයේ සේවයේ නියුතු විශාල පිරිසකගේ රැකියාඅහිමි වෙලා තියෙනවා. අප විසින්‌ කඩිනමින්‌ මෙම ක්ෂේතුය ආරක්ෂාකරගැනීම සඳහා බලගතු සහන පැකේජයක්‌ හඳුන්වා නොදුනහොත්‌ඉන්‌ මෙරට ආර්ථිකයේ විශාල දායකත්වයක්‌ ලබාදෙන සංචාරකක්ෂේතය නැවත ගොඩගත නොහැකි මටිටමේ දරුණුකඩාවැටීමකට ලක්වෙන්න පුළුවන්.. නිසි කොවි්ඩි පරීක්ෂාවකින්‌ තොරව කිසිදු සංචාරකයෙකුට අපගේරටට…

ළමා අපචාර වැඩිවෙලා – කනිෂ්ක සේනානායක..!

පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කල ළමා අපචාර පිළිබඳ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේ මාධ්‍ය ආයතන විසින් මෙම ළමා අපචාර සිදුවීම් වාර්තා කරන විට ඉතා ශිෂ්ඨ සම්පන්නව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසය. එමෙන්ම වැඩි දුරටත් ප්‍රකාශ කරමින් පවසා සිටියේ ළමා අපචාර සිදුකොට සැමරුම් සිදුකල,විදේශ කාන්තාවන් දුෂණය කර ඇය ඉදිරියේ අගේ පෙම්වතා ඝාතනය කල,දේශපාලකයන් විසින් එම අපයෝජකයන්,ඝාතකයන් ආරක්ෂා කළ කුරිරු අතීතයක් අපට තිබු බවත් නැවතත් එවැනි අපරාධ සිදු නොවීමට දේශපාලන අත පෙවීම් වළක්වා ගන්නා ලෙසත් ළමා අපයෝජකයන්ට,ඝාතකයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා…

සුව විරුවන් මහා පාරේ | කලට වෙලාවට පඩි ගෙවන රාජ්‍ය සේවයක් ඇති කරමු !

මේ මොහොතේ වත්මන් රජයට, මේ මොහොතේ පවතින කොවිඩ් අනතුර හමුවේ ‍අත්ය‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවකයන් හට පවා ඔවුන්ට නීත්‍යානුකූලව හිමි දීමනා ගෙවීමට නොහැකිවී ඇති බවත් මේ නිසාවෙන් කොරෝනා වසංගතයට එරෙහිව සටනේ සිටින රාජ්‍ය සේවකයින් අපහසුතාවයට පත්ව ඇති බවත් , සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින කණිෂ්ක සේනානායක මහතා ඊයේ සවස ඔහු සහභාගී වූ කොටහේන ප්‍රදේශයේ සිය පාක්ෂිකයින් අමතන රැස්වීමකදී මේ පිළිබඳව සඳහන් කළා. මිට අමතරව සිය facebook පිටුවට පණිවිඩයක් තබමින් ඔහු සඳහන් කලේ නිසි ආර්ථික කළමණාකරනයක් නොමැතිවීමත් අත්තනෝමතික ලෙස අනවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් වියදම් කිරීමත් නිසා මේ…

ඉදිරියේදි ඉදිරිපත් වන සියලු මැතිවරණ සඳහා තරුණ පරපුරට 25% ක අනිවාර්ය අපේක්ෂකත්වයක් – සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සංවිධානය කල නැගෙනහිර කොළඹ තරුණ බල මණ්ඩල හමුව ඊයේ කොළඹ නව නගර ශාලාවේදි පැවැත්විය. මෙම හමුවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදි ඉදිරිපත්වන සියලු මැතිවරණ සඳහා තරුණ පරපුරට 25% ක අනිවාර්ය අපේක්ෂකත්වයක් ලබා දී රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තාරුණ්‍යයට නිසි තැන ලබාදෙන බවය. එමෙන්ම ඉදිරියේදි පත්වන පාර්ලිමේන්තුව තුළ කණිෂ්ක සේනානායක මහතාගේ ශක්තිය,සහයෝගය ලබාගෙන ජාත්‍යන්තර සුදුසුකම් සහිත තරුණ පිරිසක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවට එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

බැංකු නිලධාරීන්ට දොස් නැගූ ගෝඨාභයට එරෙහිව කණිෂ්ක සේනානායක හඬ අවදි කරයි.

විෂයභාර අමාත්‍යවරයා නොමැතිව මහා බැංකු සේවකයන් කැඳවා බැංකු වෘත්තිකයන් නිර්ධය ලෙස විවේචනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ මාධ්‍ය සංදර්ශනය පිලිබඳ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කළේය. ඔහු මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වා සිටියේ පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය. කණිෂ්ක සේනානායක කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වන අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන තරුණ අපේක්ෂකයෙකි.

ඩීල් දේශපාලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස – කණිෂ්ක සේනානායක

මහ මැතිවරණය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් සමගි ජන බලවේගය සමග එක් වූයේ අලුත් දැක්මක්, අලුත් නායකයෙක් සමග ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා හොදම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්ය. තවද එතුමා ප්‍රකාශ කර සිටියේ ” ලංකාවේ ප්‍රමුඛ පෙලේ පක්ෂ ටික ගත්තම ඉන්න එකම තරුණ නායකයා, එකම පිරිසිදු නායකයා, ජනතාව වෙනුවෙන් වැඩ කරන, ඩීල් දේශපලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, තමන් ද පෞද්ගලික අංශයේ ඉහල රැකියාව…