ජාවාරම්කරුවෝ පොලිස් නිලධාරීන් මාරු කළ යුගය අවසන්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධී කටයුතුවල නිරත පිරිස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදුන් යුගය නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී කීවේය. රාජකාරී ඉටුකිරීමේ දී පොලිස් නිලධාරීන්ට සිදුවන බාධා පිළිබඳ ජනපතිට දැනුම්දීමට විශේෂ ඒකකයක් ස්ථාපනය කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ නව අධිකාරියක් පිහිටුවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සන්දේශය අද (29) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ…