අලුත් උප්පැන්නයේ වෙනස්කම් අත්හිටුවීමට අගමැතිගෙන් නියෝග..!

නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්‍රි ලාංකික යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති බව පවසන තීරණය වෙනස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැන් වූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. “මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා, මොන නිලධාරියා පරණ සංකල්පවල ඉඳගෙන මොන බේගල් ඇද බාවත්, ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නැහැ” ඔහු අවධාරණය කළේය. උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව…

මෙරට උප්පැන්න සහතිකය අලුත් වෙයි..!

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේය. මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.…