රන්කිරුල 4000 ට සහයෝගය දැක්වූ සැමට තුති – ජාතික ලොතරැයි මණ්ඩලය

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික සැමටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින හැකි වූ බව ජාතික ‌ලොතරැයි මණ්ඩලය පවසයි. රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා Toyota Rush SUV මෝටර් රථය, Toyota wigo මෝටර් රථය, බජාජ් ත්‍රීවීල් රථය, 125CC යතුරු පැදි ,කාන්තා යතුරුපැදි එදින ජයග්‍රහණ ‌ලෙස ලබා දී ඇති අතර විසි ලක්ෂපතියන් දෙදෙනෙක්, දස ලක්ෂපති ජයග්‍රාහකයින් 17 දෙනෙක්, ලක්ෂපති ජයග්‍රාහකයින් 22ක්, i…