වෙන්දේසි වන පොලිස් නිල සුන­ඛ­යෝ

ගහට පොත්ත මෙන් ඇලී ජීවි­තය බෙදා ගත් දෙදෙ­නෙ­කුගේ වෙන්වීම සිදු­වන ඒ මොහොත අති­ශ­යින් හැඟු­ම්බ­රය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුන­ඛ­යාගේ ගෙල බැඳි කර පටියේ කෙළ­වර අල්ලා­ගෙන සිටින ස්වාමියා දෙනෙ­තට නැඟෙන කඳුළු කැට පිට­තට යා නොදී රඳවා ගන්නට දරන ආයා­සය ඔවුන් දෙදෙ­නාගේ බැඳීමේ තරම කදි­මට කියා­පායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදු­ව­න්නට යන බව ඉවෙන් මෙන් දැන­ගත් සුන­ඛයා ස්වාමි­යාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළි­බඳ කිසි­වක් නොදන්නා ඉල්ලු­ම්ක­රු­වන් මොනර කොළ ගණ­නින් ලංසු තබන්නේ සුන­ඛ­යාගේ හිමි­කා­ර­ත්වය දිනා ගැනී­ම­ටය. “ඈව­රයි, දෑව­රයි, තුන්…