මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලංගමෙන් බස් 5300ක්.!

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වනවා. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, අද සිට අගෝස්තු 10 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඊට අමතරව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා තාවකාලික ධාවන බලපත්‍ර ලබාදී ඇති බවයි. පොදු ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති නොවීම සඳහා එලෙස…

ඇනහිට තිබූ රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය.!

නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව හෙලිවී තිබේ. මාර්ග අනතුරු වැලැක්වීම සදහා නීති දැඩි කලද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහලයමින් තිබේ. මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී, මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට සහභාගිවූ මාධ්‍යවේදීන්…