වේග සීමා ඉක්මවන බර වාහන වලට පොලිසියෙන් අනතුරු ඇගවීම්.!

වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් ක‍රන්නේ රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි.

ඇනහිට තිබූ රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය.!

නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව හෙලිවී තිබේ. මාර්ග අනතුරු වැලැක්වීම සදහා නීති දැඩි කලද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහලයමින් තිබේ. මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී, මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට සහභාගිවූ මාධ්‍යවේදීන්…