නව ක්‍රමයට බැරිනම් පැරැණි ක්‍රමයට මැතිවරණ පවත්වන්න

මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මේ වන විට මැතිවරණ කොමිසමට, පුරවැසියන්ට, අධිකරණයට හා සිවිල් සංවිධාන වෙත බාරදෙන බව විපක්ෂ නායක කාර්යාලයේ (23) පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීවේය. නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීමට කටයුතු කරන්නැයි විපක්ෂය, ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය. මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතින් දෙවැනි මන්ත්‍රණ සභාවක් යෝජනා කර ඇති බවත් ඉන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක් දැයි රටට වහා හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.…