නිරෝධායනය වන අයට 31 වැනිදා ඡන්ද විමසීමක් නෑ – මහින්ද දේශප්‍රිය.!

නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රාජ්‍ය නිළධාරීන්ට මැතිවරණ කොමිසමෙන් අවවාද.!

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව අවධාරණය කර තිබේ. දේශපාලන අයිතිය හිමි වුව ද අහිමි වුවද මැතිවරණ රාජකාරීවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍ය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතුවලින් බැහැර විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත. මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ මැතිවරණයට අදාළව අපේක්ෂකයින් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම…

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ.!

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්,