ළමා අපචාර වැඩිවෙලා – කනිෂ්ක සේනානායක..!

පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කල ළමා අපචාර පිළිබඳ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේ මාධ්‍ය ආයතන විසින් මෙම ළමා අපචාර සිදුවීම් වාර්තා කරන විට ඉතා ශිෂ්ඨ සම්පන්නව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසය. එමෙන්ම වැඩි දුරටත් ප්‍රකාශ කරමින් පවසා සිටියේ ළමා අපචාර සිදුකොට සැමරුම් සිදුකල,විදේශ කාන්තාවන් දුෂණය කර ඇය ඉදිරියේ අගේ පෙම්වතා ඝාතනය කල,දේශපාලකයන් විසින් එම අපයෝජකයන්,ඝාතකයන් ආරක්ෂා කළ කුරිරු අතීතයක් අපට තිබු බවත් නැවතත් එවැනි අපරාධ සිදු නොවීමට දේශපාලන අත පෙවීම් වළක්වා ගන්නා ලෙසත් ළමා අපයෝජකයන්ට,ඝාතකයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා…

ඩීල් දේශපාලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස – කණිෂ්ක සේනානායක

මහ මැතිවරණය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් සමගි ජන බලවේගය සමග එක් වූයේ අලුත් දැක්මක්, අලුත් නායකයෙක් සමග ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා හොදම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්ය. තවද එතුමා ප්‍රකාශ කර සිටියේ ” ලංකාවේ ප්‍රමුඛ පෙලේ පක්ෂ ටික ගත්තම ඉන්න එකම තරුණ නායකයා, එකම පිරිසිදු නායකයා, ජනතාව වෙනුවෙන් වැඩ කරන, ඩීල් දේශපලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, තමන් ද පෞද්ගලික අංශයේ ඉහල රැකියාව…