ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජාතික කළමනාකරණ කමිටුව විසුරුවයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව විසුරුවා හැරීමට විධායක සභාව තීරණය කළ අතර එහි සියලු බලතල පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා යටතට පවරා ගෙන ඇත. වසර දෙකකට අධික කාලයක් ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වූ අතර එහි සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි හා උප සභාපති ලෙස රෝහිත ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කළහ. මේ ජාතික පාපන්දු කළමනාකරණ කමිටුව මගින් ජාතික පාපන්දු කණ්ඩායම හා පාපන්දු සම්මේලනය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර පසුගිය වසරේ බංග්ලාදේශයේදී නිමාවට පත්වූ දකුණු ආසියා පාපන්දු තරගාවලියෙන් පසු කමිටුවේ ක්‍රියාත්මක භාවය ගිලිහී ගොස් තිබිණි. ජාතික…

සුපර්සන් පිල විනිසුරු සමඟ ගැටී පාපන්දු තරගය වර්ජනය කරයි

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ කොළඹ සුගතදාස පිටියේ පැවැති රිනවුන් – බේරුවල සුපර් සන් අතර තරගයේදී සුපර් සන් ක්‍රීඩකයන් හා විනිසුරු අතර පැවැති උණුසුම් ගැටුම්කාරී තත්ත්වයකින් අනතුරුව සුපර් සන් ක්‍රීඩකයෝ තරගය වර්ජනය කොට පිටියෙන් ඉවතට ගියහ. තරගයේ 70වැනි මිනිත්තුවේදී රිනවුන් පිලේ සුරාජ් පීරිස් එල්ල කළ ගෝලය ‘ඕෆ් සයිඩ්’ ගෝලයක් බවත් එය නීති විරෝධී ලෙස ප්‍රකාශ කරන ලෙසත් සුපර් සන් ක්‍රීඩකයෝ විනිසුරුගෙන් ඉල්ලීම් කළද එය නොසලකා සිටීමෙන් තරග විනිසුරු පිළිබඳ විශ්වාසය ගිළිහී ගියබවට චෝදනාකර සුපර් සන් පුහුණකරු ඔගස්ටින් ජෝර්ජ් මහතා හා ක්‍රීඩකයෝ පිටියෙන් ඉවතට ගියහ. මේ හැසිරීම විනය විරෝධී බව පවසා ශ්‍රී…