දැරියන් අපයෝජනය කර නිල් චිත්‍රපටි සෑදු 54 හැවිරිදි ගුරුවරයා අත්අඩංගුවට.!

පාසල් දැරියන් කිහිපදෙනෙකු අපයෝජනය කර අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කළ බව කියැවෙන ගුරුවරයෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 54 හැවිරිදි සැකකරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බවය. ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු බව කියන සැකකරු පිරිමි ළමයින් 20 කට අධික පිරිසක්ද විවිධ අවස්ථාවල අපයෝජනයට ලක් කර ඇති බව හෙළිව ඇත. සැකකරු සම්බන්ධයෙන් අද (26) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත වේ.

මෑත කාලය තුළ ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන වල සීඝ්‍ර වර්ධනයක්.!

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි මනු තිසේරා මහත්මිය පවසයි. 2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බව ඊයේ(22) මාධ්‍ය හමුවක් පවත්වමින් ය සඳහන් කළාය. මෙය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා බවත් වාර්තා නොවන අපරාධ තව බොහොමයක් තිබෙන්නට හැකි බවත් ය මෙහිදී සඳහන් කළාය. දරුවන්ට මෙවැනි අපචාර, හිංසන වලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවත් ඉදිරි මැතිවරණයේදී දැඩිව හොඳ තීරණයක්…