කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් වල ආරක්ෂාව තර කෙරේ.!

Covid-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ඊයේ ඉන් පළා යාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ අලූයම පළා ගිය එම කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබුණා. පසුව අදාළ පුද්ගලයා යළි IDH රෝහල වෙත රැගෙන යාමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළා. මොහු…

PCR පරීක්ෂණ සඳහා Covid -19 අරමුදලෙන් මිලියන 36ක් යොදවයි.!

සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ. අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, Covid -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත. PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ. මේ වන විට Covid -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇත.

සඳුදා සිට 11,12,13 ශ්‍රේණි සඳහා යලි පාසල් විවෘත වේ.!

ජුලි මස 27වැනි සඳුදා දින සිට සියලුම රජයේ පාසල් වල 11,12,13 ශ්‍රේණි සඳහා නැවත වතාවක් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පහතින්.

රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා සදුඳා සිට ලිහිල් කෙරේ.!

සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර අදහස් දක්වමින් කියා සිටියේ රාජාංගණය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින බවයි. ඉකුත් 13 වැනිදා සිට PCR පරීක්ෂණ 940ක් පමණ සිදු කර රෝගීන් 19ක් පමණක් වාර්තා වී ඇති බවත් සඳහන් කළා. එම නිසා 26 වැනිදා ට දින 14 සම්පූර්ණ වන බැවින් ප්‍රධාන අවධානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 27 වැනිදා සිට සංචරණ සීමා…