මෙරට කොරෝනා අසාදිත සංඛ්‍යාව 2816 දක්වා ඉහළට.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,816 දක්වා ඉහළ ගියා. එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්මී තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳවියන් 64 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 4 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ ආසාදිතයන් හතරදෙනෙකු මෙන්ම මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු මෙලෙස අද රෝහලෙන් නික්මුණා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 291ක් වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2514ක්.

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් වල ආරක්ෂාව තර කෙරේ.!

Covid-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ඊයේ ඉන් පළා යාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ අලූයම පළා ගිය එම කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබුණා. පසුව අදාළ පුද්ගලයා යළි IDH රෝහල වෙත රැගෙන යාමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළා. මොහු…

PCR පරීක්ෂණ සඳහා Covid -19 අරමුදලෙන් මිලියන 36ක් යොදවයි.!

සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ. අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, Covid -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත. PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ. මේ වන විට Covid -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇත.

සඳුදා සිට 11,12,13 ශ්‍රේණි සඳහා යලි පාසල් විවෘත වේ.!

ජුලි මස 27වැනි සඳුදා දින සිට සියලුම රජයේ පාසල් වල 11,12,13 ශ්‍රේණි සඳහා නැවත වතාවක් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පහතින්.

පැනගිය කොරෝනා රෝගියා නැවත IDH රෝහලට.!

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී පොලිසිය භාරයට ගෙන ඇත. යුධ හමුදා බුද්ධි අංශ විසින් මෙම පළා ගිය රෝගියා කොළඹ ජාතික රෝහලේදී සොයා ගෙන සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මේ වන විට එම කොරෝනා ආසාදිත රෝගියා යලි IDH රෝහලට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි

තැපැල් ඡන්ද නොදැමු ඡන්ද හිමියන්ට අද සහ හෙට අවස්ථාව..!

තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ඒ සඳහා අද සහ හෙට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වා සහ හෙට පෙරවරු 8.30 සිට පස්වරු දෙක දක්වා තැපැල් ඡන්ද සළකුණු කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා. මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී මෙම පහසුකම සළසා ගත හැකියි. ඡන්ද මධ්‍යස්ථාන හරහා කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන බවට ජනතාවට සහතික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ…

කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැනයයි|පොලිසීය මහජන සහය පතයි.!

ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර අපරාධයක් සඳහා සැකකරුවෙකුද වන බවයි වාර්තා වන්නේ. තවද, ඔහුගේ වම් කකුල ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන ස්වභාවය ඔහුව හඳුනා ගැනීමේ විශේෂ ලක්ෂණයක් වනවා. මෙම තැනැත්තා හැකි ඉක්මනින් සොයා ගැනීමට මහජන සහාය අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා. ඒ සඳහා පහත දුරකථන අංක වලට ඇමතිය හැකියි. 119071859101707185922900718591864 ඔහුගේ සම්පූර්ණ විස්තරය පහතින්.. නම : එල්සියාම් නසීම්Elsiyam nazeemවයස : අවුරුදු 41ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය.Sinnampilleisimei, Wellimalar, Trincomalee.

රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා සදුඳා සිට ලිහිල් කෙරේ.!

සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර අදහස් දක්වමින් කියා සිටියේ රාජාංගණය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින බවයි. ඉකුත් 13 වැනිදා සිට PCR පරීක්ෂණ 940ක් පමණ සිදු කර රෝගීන් 19ක් පමණක් වාර්තා වී ඇති බවත් සඳහන් කළා. එම නිසා 26 වැනිදා ට දින 14 සම්පූර්ණ වන බැවින් ප්‍රධාන අවධානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 27 වැනිදා සිට සංචරණ සීමා…

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක්..!

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ දිනයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම මස 31 වනදා ඔවුන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

කන්දකාඩු ආසාදිතයින් සුවකිරීම “කුණ්ඩලීනි ශක්තියෙන්”

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමුවූ Covid-19 ආසාදිතයින් කඩිනමින් සුවකිරීම සඳහා “කුණ්ඩලීනි ශක්තියෙන්” ආශීර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ(20) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී ඊයේ රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකරන ලද සාකච්ඡාවකදී කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින කොරෝනා ආසාදිතයින් සුව කිරීම සඳහා ආශීර්වාද සිදුකරන ලෙසට වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (20) සවස වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිත රෝගීන් ගණන 560කි. මීට පෙර මෙරට හමුවූ විශාලම කොරෝනා වයිරස පොකුර වන නාවික හමුදාවේ පොකුරටද රජයේ…