මුඛ ආවරණ නොපළදින්නන්ට සති අන්තයේදී පංති..!

මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ජනතාව, පොලිස් ස්ථාන වෙත ගෙන්වා එහි වැදගත්කම පිළිබඳව වෛද්‍යවරයෙකු ලවා පංති පැවැත්වීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සඳහන් කර ඇති පරිදි කොරෝනා පමණක් නොව බෝවන බොහෝ රෝග වලින් මුඛ ආවරණ පැළඳීම මඟින් ආරක්ෂා විය හැකි හෙයින් පොලිසිය නිරන්තරයෙන් මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් 196ක් හමුවෙයි.!

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ. කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලය බඳුන් කරන ලද පීසීආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.අදාළ පීසීආර් පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ අනුව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත්…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් කෙරේ.!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබේ. මේ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.