අ.පො.ස. සා/පෙළ අයදුම්පත් කැඳවයි.!

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා විසින් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් හට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, සා/පෙළ විභාගය සඳහා අයදුම් කරන පාසල් හා පෞද්ගලික අයදුම්පත් කැඳවීම 2020.07.22 වන දා සිට 2020.08.31 වනදා දක්වා සිදු කෙරෙන බවයි. මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මගින් වීම විශේෂත්වයක්. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවද සඳහන්.

සඳුදා සිට 11,12,13 ශ්‍රේණි සඳහා යලි පාසල් විවෘත වේ.!

ජුලි මස 27වැනි සඳුදා දින සිට සියලුම රජයේ පාසල් වල 11,12,13 ශ්‍රේණි සඳහා නැවත වතාවක් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පහතින්.

උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය ඔක්තෝම්බර්වල දී..!

2020 වසරේ උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය ඔක්තොම්බර් 12 වැනිදා සිට නොවැම්බර් මස 6වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා එමෙන්ම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර මස 11 වන දින පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ..!

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.