කන්දකාඩුවේ කොරෝනා රෝගීන් ඇනකොටා ගනී.!

කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය සඳහන් කළා. මොවුහු ප්‍රතිකාර සඳහා අද(22)අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබෙනවා. තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළා. කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබෙනවා.

කන්දකාඩු ආසාදිතයින් සුවකිරීම “කුණ්ඩලීනි ශක්තියෙන්”

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමුවූ Covid-19 ආසාදිතයින් කඩිනමින් සුවකිරීම සඳහා “කුණ්ඩලීනි ශක්තියෙන්” ආශීර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ(20) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී ඊයේ රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකරන ලද සාකච්ඡාවකදී කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින කොරෝනා ආසාදිතයින් සුව කිරීම සඳහා ආශීර්වාද සිදුකරන ලෙසට වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (20) සවස වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිත රෝගීන් ගණන 560කි. මීට පෙර මෙරට හමුවූ විශාලම කොරෝනා වයිරස පොකුර වන නාවික හමුදාවේ පොකුරටද රජයේ…