නිරෝධායනය වන අයට 31 වැනිදා ඡන්ද විමසීමක් නෑ – මහින්ද දේශප්‍රිය.!

නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා ගැනීමෙන් වළකින්න.!

මැතිවරණ කාලසීමාව තුළ දී බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවට මැතිවරණ නිරික්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කරයි. එලෙස බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා විඩියෝ පට, වෙළෙඳ නිවේදන, පොස්ටර්, දැන්වීම් සඳහා යොදාගැනීම බාල වයස්කාර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට, අනන්‍යතාවට සහ අනාගතයට අහිතකර බලපෑමක් ඇති කරන බව දන්වා තිබේ. මේ හේතුවෙන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලුදෙනා දැනුවත් කිරිමට කටයුතු කරන්නැයි මැතිවරණ…