කාන්තාවන්ට අගමැති කළ අපහාසයට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධය .!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් මතුව ඇත.  මුළු රටේම ‘අප්පච්චි’ ලෙස හුවාදක්වන මහින්ද රාජපක්ෂගේ මෙම හැසිරීම ගැන විවේචනය කර ඇති බොහෝදෙනෙකු දැඩි කළ කිරීමකින් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබේ. විවාහක යුවලකට තමන්ට දාව දරුවෙක් නැති වීම ගැන හිනා වීම හෝ අපහාස කරන අයකු එවැනි අඹු සැමියන් කොතරම් වේදනාවකින් පසුවන්නේ දැයි මදකට හෝ සිතුවා නම් මෙවැනි ප්‍රකාශ නොකරනු ඇතැයි එවැනි පිරිස් දැඩි සංවේගයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

ප්‍රාදේශීය දේශපාලකයෝ කරන මෝඩ, ගොන්, තකතීරු වැඩවලට අගමැති සම්බන්ධ නෑ – රවණා බලය.!

අග්‍රාමාත්‍යවරයාගේ දැනුවත්කම මත කුරුණෑගල සිද්ධිය ඇති වූ බවට කරුණු දැක්වීමට විපක්ෂයේ ඇතැම් පිරිස් උත්සහ කරන බව රවණා බලය සංවිධානය පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සඳහන් කලේ කිසිම විටක අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම මත එවැනි දෙයක් සිදු නොවන බවත් අධිවේගී මාර්ග ඉදිකිරීමේදී පවා පෞරාණික වටිනාකම් ඇති සමහර ස්ථාන ආරක්ෂා කරමින් ඒවා ඉදිකිරීමට ඔහු පියවර ගත් බවයි. ප්‍රාදේශීය දේශපාලකයෝ කරන මෝඩ, ගොන්, තකතීරු වැඩවලට ගරු අග්‍රාමාත්‍යතුමා සම්බන්ධ කර ගැනීමට බලවත් ලෙස කණගාටුදායක බව උන්වහන්සේ මෙහිදී කියා සිටියේය.

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා ගැනීමෙන් වළකින්න.!

මැතිවරණ කාලසීමාව තුළ දී බාල වයස්කාර දරුවන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවට මැතිවරණ නිරික්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කරයි. එලෙස බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා විඩියෝ පට, වෙළෙඳ නිවේදන, පොස්ටර්, දැන්වීම් සඳහා යොදාගැනීම බාල වයස්කාර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික මට්ටමට, අනන්‍යතාවට සහ අනාගතයට අහිතකර බලපෑමක් ඇති කරන බව දන්වා තිබේ. මේ හේතුවෙන් දේශපාලන ප්‍රවර්ධනය සඳහා බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලුදෙනා දැනුවත් කිරිමට කටයුතු කරන්නැයි මැතිවරණ…