පාසල් වල සියලු ශ්‍රේණි 10 වෙනිදා විවෘත කෙරේ.!

මහ මැතිවරණයෙන් පසු ලබන අගෝස්තු මස 10 වැනිදා සිට සියලුම රජයේ පාසල් විවෘත කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි. එමෙන්ම පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට (27) සිට ආරම්භ වෙනවා. ඒ, අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට යටත්ව ආරම්භ කිරීමට නියමිතයි.

සඳුදා සිට 11,12,13 ශ්‍රේණි සඳහා යලි පාසල් විවෘත වේ.!

ජුලි මස 27වැනි සඳුදා දින සිට සියලුම රජයේ පාසල් වල 11,12,13 ශ්‍රේණි සඳහා නැවත වතාවක් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පහතින්.

උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය ඔක්තෝම්බර්වල දී..!

2020 වසරේ උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය ඔක්තොම්බර් 12 වැනිදා සිට නොවැම්බර් මස 6වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා එමෙන්ම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර මස 11 වන දින පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කෙරේ. !

පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ඒ අනුව, නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මස 27 වනදා වඩාත් සුදුසු දිනය බව අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන් පමණයි. අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කල එම නිවේදනය පහතින්.

සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ..!

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

රාජාංගනය ප‍්‍රදේශයේ පාසැල් සිසුන් ඇතුළු 100 දෙනෙකුට PCR පරීක්ෂණ

රාජාංගනය ප‍්‍රදේශයේ පාසැල් සිසුන් ඇතුළු 100 දෙනෙකු සඳහා අද (16) දිනයේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 11 ක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසුවා.