PCR පරීක්ෂණ සඳහා Covid -19 අරමුදලෙන් මිලියන 36ක් යොදවයි.!

සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ. අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, Covid -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත. PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ. මේ වන විට Covid -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇත.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තවත් 43කගේ PCR සාම්පල ලබාගනී..!

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 43 දෙනකුගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (21) තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදුකෙරුණා. හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි තංගල්ල, බෙලිඅත්ත, කඳුරුපොකුණ සහ වීරකැටිය යන ප්‍රදේශවල 43 දෙනකුගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම මෙලෙස සිදු කළා. වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ, තංගල්ල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහයෝගයෙන් මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරුණා.

ගම්පහ ගුරුවරයෙකුට කොරෝනා ආසාදිතයි | පන්තිත් පවත්වලා..!

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් 150 දෙනෙකු PCR පරීක්ෂණ සිදුකළ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ ප්‍රකාශ කර සිටිනවා. මෙම ගුරුවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වෙනිදා තහවුරු වූ බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ. මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් රැගෙන ගිය රියදුරෙකු ගෙන් මෙම ගුරුවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ ප්‍රකාශ කළේ. මෙම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් සිදුකර ඇති අතර ඔහු ළමුන්ට උපකාරක පංතිද පවත්වා ඇති…

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට..!

Covid-19 වෛරසය ආසාදනය වූ තවත් 3 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2711 දක්වා ඉහළ ගොස් ඇත. මොවුන් තිදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට පෙර තවත් ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 7ක්.