පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට..!

නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු පිළියන්දල, දැල්තර ප්‍රදේශයේ හමුදා නිලධාරියාගේ මවට හා මිත්තනියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් පදිංචිව සිටි පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත එම කාන්තාවන් දෙදෙනා සංචරණය කළ පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ එම රෝහලේ සේවකයින් 11 දෙනෙකු හා රන් භාණ්ඩ අලෙවි සැලක සේවකයින් 06 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ අතර කොවිඩ් ආසාදිත බවට…