මාර්ග බාධකයකදී මුදල් කොල්ල කෑ මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී පුද්ගලයෙකුගෙන් රුපියල් 92,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ග බාධකයේ සේවය කළ උප පෙලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය කියයි. මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකු මහවැව පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිට ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඒ අතර සිට ඇති බව පොලිසිය සඳහන් කළේය. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු යතුරු පැදියකින් මීගමුවේ සිට හලාවත දෙසට ගමන් කරමින්…