අපේ අපේක්ෂක ලැයිස්තුවේ බූරුවෝ නෑ.ඉන්නේ අස්සයෝ විතරයි – කණිෂ්ක සේනානායක.!

ජනබලවේගයේ මෙවර ඉදිරිපත් කර අපේක්ෂක ලැයිස්තු වල බූරුවන් නොමැති බවත් අශ්වයින් පමණක් සිටින බවත් ඔවුන් සියලුම දෙනාම හොඳින් වැඩකළ කල හැකි අපේක්ෂකයින් බවත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා පවසයි. පෞද්ගලික යූ ටියුබ් චැනලයක දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය සියලුම බූරුවන් හා හොරුන් ඉවත් කර මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි. බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අනුව පොදු ජන පෙරමුණේ ජනතාවට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් තෝරන්නේ බූරුවන් විසින්ද යන වග ඒ මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. සමගි ජන බලවේගයේ කොළඹ අපේක්ෂක ලැයිස්තුව දෙස බලන ඕනෑම කෙනෙකුට…

සංචාරකයන්ගෙන් කොළඹ හදන කණිෂ්ක..!

පවතින කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටී ඇති සංචාරක ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පවසනවා.ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ, කොවීඩි වසංගතය හේතුවෙන්‌ වැඩියෙන්ම පීඩාවට පත්වූ ව්‍යාපාරක්ෂේතය ශ්රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයයි. සංචාරක හෝටල්වල ආදායම සමිපූර්ණයෙන්ම අහිමි වූ තත්ත්වයක්‌යටතේ හෝටල්‌ ක්ෂේතයේ සේවයේ නියුතු විශාල පිරිසකගේ රැකියාඅහිමි වෙලා තියෙනවා. අප විසින්‌ කඩිනමින්‌ මෙම ක්ෂේතුය ආරක්ෂාකරගැනීම සඳහා බලගතු සහන පැකේජයක්‌ හඳුන්වා නොදුනහොත්‌ඉන්‌ මෙරට ආර්ථිකයේ විශාල දායකත්වයක්‌ ලබාදෙන සංචාරකක්ෂේතය නැවත ගොඩගත නොහැකි මටිටමේ දරුණුකඩාවැටීමකට ලක්වෙන්න පුළුවන්.. නිසි කොවි්ඩි පරීක්ෂාවකින්‌ තොරව කිසිදු සංචාරකයෙකුට අපගේරටට…

කොළඹ යටවෙච්ච ගමන් කනිෂ්ක යයි.!

අද දිනයේ ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමග කොළඹ නගරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යට වී ජනතාව පිඩාවට පත්විය. ජලයෙන් යට වූ එම ප්‍රදේශ වල ජනතාවගේ සුව දුක් සොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සහභාගී වූ අතර එතුමා විසින් සංවිධානය කර තිබු සියලුම වැඩසටහන් අවලංගු කරමින් එම මුදල් මෙම පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් යොදවමින් ඔවුන් හට ද්‍රව්‍යමය ආධාර බෙදා දීමක්ද සිදු කෙරිණි.

ආණ්ඩුවට හැමෝටම රැකියා දෙන්න බෑ – කණිෂ්ක සේනානායක..!

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සංවිධානය කළ නැගෙනහිර කොළඹ තරුණ බල මණ්ඩල හමුව පසුගියදා පැවැත්විණි. එම හමුවට සහභාගී වූ තරුණ තරුණියන් තමන් වෙත ලබා දුන් ගැටළුවලට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුවේ රැකියා ලබාදිය නොහැකි බැවින් ඉදිරියේදී පත්වන ආණ්ඩුව පෞද්ගලික අංශය ශක්තිමත් කර රැකියා ලබාදෙන වැඩපිළිවලක් සකස් කළ යුතු බවයි. එමෙන්ම රැකියාවට අදාළ වෘත්තීය සුදුසුකම් හා අධ්‍යාපනය ලබාදිය යුතු අතර ඒවාට ඔවුන් පුරුදු පුහුණු කලයුතු බවත්, සාම්ප්‍රදායික රැකියාවෙන් ඔබ්බට ගොස් අන්තර්ජාල හා සමාජ මාධ්‍ය හරහා facebook ,youtube ,fivver වැනි මෙවලම් තුලින් මුදල් ඉපයිය…

රෝසි සේනානායකගේ ආන්දෝලනාත්මක පාපොච්චාරණය..

පුතෙක් ඉන්න එක අම්මා කෙනෙක්ට ලොකු හයියක්. •අපේ පරම්පරාව අධ්‍යාපනයට විශාල සේවාවක් කළා. •කණිෂ්ක සානුකම්පිත හදවතක් තියෙන, සංවේදී දරුවෙක්. •මගේ දේශපාලන ගමන ආවෙ මම ස්ව ශක්තියෙන්. •මම ලබපු විශිෂ්ටතම පදවිය තමයි මවු පදවිය. •2010 – 2015 වකවානුවේදී පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා දායකත්වය. •කොළඹ නගර සභාව කියන්නෙ පුංචි රාජ්‍යයක්. •කොළඹ 60%ක් ජීවත් වෙන්නෙ අඩු ආදායම් ලාභී පවුල්. •අනුන්ගේ දේවල් කඩා වඩාගන්න මානසිකත්වයක අපි නොසිටිය යුතුයි. •විවාහක ලෝක රූ රැජින වෙලා ලෝකයක්ම කතාකරපු ඔබ දේශපාලනයට එනවා * මගේ පළවෙනි මැතිවරණය පළාත් සභා මැතිවරණය. ජනතා විමුක්ති පෙරමුණට සහාය දීපු කාන්තාවොත් මට එදා ඡන්දෙ දුන්නා.…

මගේ පුතාගේ කුළුදුල් ජන්දයට උදව් කරන්න බැරි තරමට මම අසරණයි – රෝසි සේනානායක..!

තම පුතාගේ කුළුඳුල් ඡන්දයට උදව් කිරීමට නොහැකි වීම ගැන තම ඉතාමත් කණගාටු වන බවත් ඒ හේතුවෙන් තමන් අසරණව සිටින බවත් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් තීරණය කර ගොඩනැගූ පක්ෂයක් බවත් එහි නායකත්වය අගමැති අපේක්ෂකත්වය මෙන්ම ලේකම් ධුරය පත් කලෙත් කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් බව සඳහන් කළ ඇය අවසානයේදී ලාංඡන ප්‍රශ්නයක් මුල්කර ගනිමින් කණ්ඩායම් දෙකක් ලෙස ඡන්දයට ඉදිරිපත් වූ බව ඇය පවසයි. සමගි ජන බලවේගයේ සිටින්නේ තමන් සමග වසර 20ක කාලයක් දේශපාලනය කළ සගයින් බව රෝසි සේනානායක මහත්මිය පවසයි. මහමැතිවරණයෙන් පසුව එක්සත්…

බැංකු නිලධාරීන්ට දොස් නැගූ ගෝඨාභයට එරෙහිව කණිෂ්ක සේනානායක හඬ අවදි කරයි.

විෂයභාර අමාත්‍යවරයා නොමැතිව මහා බැංකු සේවකයන් කැඳවා බැංකු වෘත්තිකයන් නිර්ධය ලෙස විවේචනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ මාධ්‍ය සංදර්ශනය පිලිබඳ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කළේය. ඔහු මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වා සිටියේ පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය. කණිෂ්ක සේනානායක කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වන අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන තරුණ අපේක්ෂකයෙකි.

ඩීල් දේශපාලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස – කණිෂ්ක සේනානායක

මහ මැතිවරණය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් සමගි ජන බලවේගය සමග එක් වූයේ අලුත් දැක්මක්, අලුත් නායකයෙක් සමග ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා හොදම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්ය. තවද එතුමා ප්‍රකාශ කර සිටියේ ” ලංකාවේ ප්‍රමුඛ පෙලේ පක්ෂ ටික ගත්තම ඉන්න එකම තරුණ නායකයා, එකම පිරිසිදු නායකයා, ජනතාව වෙනුවෙන් වැඩ කරන, ඩීල් දේශපලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, තමන් ද පෞද්ගලික අංශයේ ඉහල රැකියාව…