කොළඹ යටවෙච්ච ගමන් කනිෂ්ක යයි.!

අද දිනයේ ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමග කොළඹ නගරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යට වී ජනතාව පිඩාවට පත්විය. ජලයෙන් යට වූ එම ප්‍රදේශ වල ජනතාවගේ සුව දුක් සොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සහභාගී වූ අතර එතුමා විසින් සංවිධානය කර තිබු සියලුම වැඩසටහන් අවලංගු කරමින් එම මුදල් මෙම පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් යොදවමින් ඔවුන් හට ද්‍රව්‍යමය ආධාර බෙදා දීමක්ද සිදු කෙරිණි.

බැංකු නිලධාරීන්ට දොස් නැගූ ගෝඨාභයට එරෙහිව කණිෂ්ක සේනානායක හඬ අවදි කරයි.

විෂයභාර අමාත්‍යවරයා නොමැතිව මහා බැංකු සේවකයන් කැඳවා බැංකු වෘත්තිකයන් නිර්ධය ලෙස විවේචනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ මාධ්‍ය සංදර්ශනය පිලිබඳ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කළේය. ඔහු මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වා සිටියේ පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය. කණිෂ්ක සේනානායක කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වන අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන තරුණ අපේක්ෂකයෙකි.

ඩීල් දේශපාලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස – කණිෂ්ක සේනානායක

මහ මැතිවරණය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් සමගි ජන බලවේගය සමග එක් වූයේ අලුත් දැක්මක්, අලුත් නායකයෙක් සමග ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා හොදම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්ය. තවද එතුමා ප්‍රකාශ කර සිටියේ ” ලංකාවේ ප්‍රමුඛ පෙලේ පක්ෂ ටික ගත්තම ඉන්න එකම තරුණ නායකයා, එකම පිරිසිදු නායකයා, ජනතාව වෙනුවෙන් වැඩ කරන, ඩීල් දේශපලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, තමන් ද පෞද්ගලික අංශයේ ඉහල රැකියාව…