රිෂාඩ් බදියුදීන්ට අධිකරණයෙන් නොතීසි..!

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 27 වනදා උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නොතීසි නිකුත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් අද කරුණු දැක්වූ අවස්ථාවේදියි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම්දී සිදුකර තිබූ…