කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් වල ආරක්ෂාව තර කෙරේ.!

Covid-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ඊයේ ඉන් පළා යාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ අලූයම පළා ගිය එම කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබුණා. පසුව අදාළ පුද්ගලයා යළි IDH රෝහල වෙත රැගෙන යාමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළා. මොහු…

කන්දකාඩු ආසාදිතයින් සුවකිරීම “කුණ්ඩලීනි ශක්තියෙන්”

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමුවූ Covid-19 ආසාදිතයින් කඩිනමින් සුවකිරීම සඳහා “කුණ්ඩලීනි ශක්තියෙන්” ආශීර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ(20) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී ඊයේ රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකරන ලද සාකච්ඡාවකදී කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින කොරෝනා ආසාදිතයින් සුව කිරීම සඳහා ආශීර්වාද සිදුකරන ලෙසට වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ (20) සවස වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිත රෝගීන් ගණන 560කි. මීට පෙර මෙරට හමුවූ විශාලම කොරෝනා වයිරස පොකුර වන නාවික හමුදාවේ පොකුරටද රජයේ…

පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට..!

නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු පිළියන්දල, දැල්තර ප්‍රදේශයේ හමුදා නිලධාරියාගේ මවට හා මිත්තනියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් පදිංචිව සිටි පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත එම කාන්තාවන් දෙදෙනා සංචරණය කළ පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ එම රෝහලේ සේවකයින් 11 දෙනෙකු හා රන් භාණ්ඩ අලෙවි සැලක සේවකයින් 06 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ අතර කොවිඩ් ආසාදිත බවට…

කන්දකාඩුහි තවත් 87කට කොරෝනා – මධ්‍යස්ථානයේ මුළු රෝගීන් ගණන 339ක් දක්වා ඉහළට.!

තවත් කොරෝනා රෝගීන් 87ක් හමු වීමත් සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් ගණන 339ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබෙනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් 196ක් හමුවෙයි.!

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ. කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලය බඳුන් කරන ලද පීසීආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.අදාළ පීසීආර් පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ අනුව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත්…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් කෙරේ.!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබේ. මේ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ගුවන් හමුදාවට පුහුණු හෙලිකොප්ටර් යානා 04ක් මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු කිරීම් සඳහා භාවිතා කරන ලද හෙලිකොප්ටර් යානා 04ක් මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින පුහුණු කිරීමේ හෙලිකොප්ටර් යානා 02 ක 1981 වර්ෂයේ නිෂ්පාදිත පැරණි තත්ත්වයේ පසුවන බවට මෙහිදී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියා. මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ රාජකාරි කටයුතු වල…