ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ඉල්ලා අස්වෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරියට විනිවිදභාවයක් නොමැති කම හේතුවෙන්, ඔහු මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ

SSC සභාපති ධූරය මහේලට..!

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන කොළඹ SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ, එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි. ඒ අනුව ඔහු SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් සම්බන්ධ තීරණ ගැනීමේ දී එහි ප්‍රධානියා ලෙස ඉදිරියේ දී කටයුතු කරනු ඇති. මහේල ජයවර්ධන මේ වන විට ICC ක්‍රිකට් කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.