රිෂාඩ් බදියුදීන්ට අධිකරණයෙන් නොතීසි..!

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 27 වනදා උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නොතීසි නිකුත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් අද කරුණු දැක්වූ අවස්ථාවේදියි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම්දී සිදුකර තිබූ…

බලෙන් කොරෝනා හදා ගන්න ‘උත්සහ කරන පිරිසක් ගැන’ බුද්ධි අංශ අනාවරණය කරයි.!

බන්ධනාගාරයෙන් නිදහස්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම සඳහා ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා ඇති බව මෙරට ප්‍රධාන පුවත්පතක වෙබ් අඩවිය මගින් වාර්තා කර තිබෙනවා. මරණීය දඬුවම ඇතුළු දීර්ඝකාලීන සිර දඬුවම් විඳිමින් සිටින ඇතැමුන් එසේ කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරන බවද බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවද ප්‍රකාශකයකු එම පුවත්පතට සඳහන් කර තිබුණා. එකිනෙකා අතර දුම්වැටි සංසරණය කර භාවිතයට ගැනීම ඇතුළු ක්‍රමවේද තුළින් ඔවුන් එකී…