කොරෝනා මඩින ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථකයි – බ්‍රිතාන්‍ය එන්නත් මිලියන 100ක් ඇණවුම් කරයි !!

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත ආරක්ෂිත බැවින් යුක්ත බවත් එමගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට පෙනි යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකළ අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත මඟින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකිවන බවයි. මෙම සොයාගැනීම් අතිශයින්ම යහපත් බවත් මෙම එන්නත මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට තරම් හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදු කරමින් පවතී. මෙම එන්නත මගින් සිදුකළ පළමු සායනික අත්හදා බැලීම සාර්ථක බවට හෙලීවිමත්…

ලෝක කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 6 පසු කරයි.!

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. මේවන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 600,445ක්. ඉන් වැඩිම මරණ ප්‍රමාණයක් සිදුවී ඇත්තේ ඇමරිකාවේ වන අතර එම සංඛ්‍යාව 142,080ක්. බ්‍රසීලයේ මරණ 77,964ක් සහ ඉන්දියාවේ මරණ 26,467ක් සිදුවී තිබෙනවා. ලොව පුරා මේවන විට වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 14,238,943ක්.

පසුගිය පැය 100 ක කාලය තුලදී ගෝලීය කොරෝනා ආසාදිතයින් මිලියනයක් වාර්තා වෙයි.!

ගෝලීය කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 14 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14,215,828ක් වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 600,039ක් වනවා. රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ පසුගිය පැය 100 ක කාලය තුලදී ගෝලීය කොරෝනා ආසාදිතයින් මිලියනයක් වාර්තා වී ඇති බවයි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් පසුගිය ජනවාරි මාසයේදී පළමු රෝගීයා වාර්තා වීමෙන් පසු රෝගීන් මිලියනයක්‌ වාර්තා වීම සඳහා මාස 03ක කාලයක් ගතවිය. කෙසේ වුවත් මිලියන 13 සිට මිලියන 14ක් වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ගතව ඇත්තේ දින 04 ක කාලයක් පමණක් බවයි…